Tuesday, May 27, 2014

නිවැරදිව ඉගෙනගන්න ඔබත් ඉතාමත් සාර්ථක ආදායමි මාර්ගයක හිමිකරැවෙකු වන්න





හොදින් ලිපි සියල්ල කියවන්න
Forex මගින් මුදල් උපයමු 
Forex කියන්නේ ලෝක මුල්‍ය වෙළද පොළ ගනුදෙනු කියලා තමයි අපි හදුන්වන්නෙ. ඉතින් අපි මුදල් උපයන්නනේ මෙක කරන්නේ බොහෝම සරල දෙයක්. හරියට අපි කොටස් වෙළද පොළ ගනුදෙනු කරනවා වගේ තමයි. නමුත් එකෙන් ලාභ ගන්න හරිම අමාරැයි. නමුත් Forex මීට වඩා පහසුම මුදල් ඉපයිමේ ක්‍රමයක්. හරිම සරල මුලු ලොකේම පිලිගත්ත දෙයක් නිසා හරියට ඉගෙන ගන්න කෙනෙකුට මෙම ක්‍රමය තමන්ගේ ප්‍රධාන ආදායමි මාර්ගය උනත් කර ගන්න පුලුවන්. හැබැයි හොදින් අධ්‍යනය කිරීම වැදගත් බව මතක තබා ගන්න. හරියට කරන කෙනෙකුට නොසිතු ආදායමක් මෙකෙන් උපයා ගන්න පුලුවන්.  ඒ ගාණ මෙචිචරයි කියලා කියන්න බැ. යොදවන මුදල අනුව තමයි ඒක තීරණය වෙන්නේ.    සාමාන්‍ය වශයෙන් යොදවන මුදල $ 100 ක් නමි දිනකට $ 1 - $ 10 ත් අතර ආදායමකට පහසුවෙන් යන්න පුලුවන්.

නිසියාකාරව අවබෝධයක් ලබමින් නිවසේ සිට Forex Trading මගින් සාර්ථකව මුදල් උපයන ආකාරය පිළිබදව සරලව ඉගෙන ගන්න පහත ඔබට ලබා දි ඇති ලිපි නිසි පරිදි පිළිවෙළකට කියවන්න. ඔබට ඇති වන ගැටලු සදහා පිළිතුරැ Live chat මගින් හෝ Skype chat මගින් ලබා ගත හැක.    එබැවින් මෙයින් නිසි පරිදි ප්‍රෙයෝජනය ගෙන නිසි ලෙස නිවරැදි පිළිවෙළකට ම්‍රදල් ඉපයිමට ඔබ යොමු වන්නේනමි නිවසේ සිටම අමතර කාල සීමාව යොදවා අමතර ආදායමක් පහසුවෙන් ලගා කර ගැනීමට ඔබට හැකියාව ලැබේ.






       මුලිකව Forex සදහා සමිබන්ධ විමට කැමති ඔබට  නිසි අවබෝධයක් එක්ක මෙකට සමිබන්ධ වුනාම හරිම ලේසි වැඩ කර ගෙන යන්න. ඉතින් ඔය මුලිකව සමිබන්ධ වෙන්නන් අනිවාර්යෙන්ම පිළිවෙළක් ඇතුව සමිබන්ධ වෙන එක තමයි වඩාත් හොද. මොකද විශාල මුදලක් මෙ මගින් උපයන්න පුලුවන් වගේම තමයි ඒකට නිසි අවබෝධයත් අවශ්‍ය වෙන නිසා. 
 ඇත්තටම Forex කියන්නේ අද ලෝකය තුල තිබෙන විශාලතම හුවමාරැ වෙළද පොළ. ඔය ලංකාවේ කොටස් වෙළද පොළ වගේ තමයි. ඒ වගේම තමයි ඔනෑම කෙනෙකුට සමිබන්ධ වෙලා කොන්දේසි විරහිතව මුදල් උපයන්න පුලුවන් ලොකේ එකම තැනත් මේක. ඒක නිසා මේක විශාල රැකියා වෙළද පොළක් කියලත් කියන්න පුලුවන්. මොකද මෙකේ තියෙන රැකියා අවස්ථා කවදාවත් ඉවර වෙන්නේ නැති නිසා. ඉතින් මේ ලිපියේන මම Forex ගැන සරල හැදින්විමක් විතරයි කරේ.  මොකද ඊළග ලිපියේ මම වඩාත් පැහැදිලිව ඒක හදුන්වලා දීලා තියෙන නිසා. මේ ලිපිය වෙන් වෙන්නේ අලුතින්ම සමිබන්ධ වෙන අයට අවශ්‍ය කරන පිළිවෙළ ලබා දෙන්න විතරයි. 


Tuesday, May 6, 2014

(දාහත් වන ලිපිය)ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 2

ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 2 


දැන් ඔයාට ඔයාගේ Real Account වලට මුදල් දාන්න කාලේ ඇවිල්ලා. මොකද මේ ලිපියෙන් එහාට ඔයාට Demo account භාවිතා කරලා වැඩක් නැ. සමහරක් ක්‍රම මේ Demo account වලින් භාවිතා කරන්න බැ. මොකද ඔයාලාට පහසු වෙන්න මම තව මෘදුකාංග කිහිපයකුත් ගැන කියනව. එවා ප්‍රධාන වශයෙන්ම මිල ගනන් ඉහළ පහළ යෑම පෙන්වන මෘදුකාංග. ඉතින් එවා භාවිතා කරන්නත් Real Account එකක් ඔයාට තියෙන්න ඔනි.

 

මුදල් තැන්පත් කර ගනිමුද ? 

      හොදයි. මම ඉහතින් කිවිවා වගේ දැන් ඔයා ගිණුමට මුදල් දා ගන්න. ගිණුම විවෘත කර ගෙන ඉන්න අය බලන්න
1. Document Verification 
2. Card Verification  කියන අවස්ථා දෙක හරියට කර ගත්තද තියලා.     
 



අවදානමි බැහැර කිරිම පිළිබදව තවදුරටත් 

        හොදයි අපි දැන් කලින් ලිපියෙන් කතා කළ එක මතකයි නේ. ඒක ඔයා නැවත වරක් අධ්‍යනය කරන්න අපහසු නමි. මම දැන් මේ ලිපියේන් කියලා දෙන්නේ එතන ඉදලා ඉතුරැ ටික. දැන් අපි ඉතා සුලු ගණනය කිරිමක් කරලා අපේ අවදානමි කලාපය අපි දැන ගත්තනේ. ඒ කියන්නේ අපි යොදවන මුදලට සාපෙක්ෂව අපිට ලැබෙන අවදානමි කලාපය. නැවත උදාහරණයකින් මතක කරනවනමි අපි 

  • $ 50 - 500 pips 
  • $ 100 - 1000 Pips 
  • $ 200 - 2000 Pips

     ආදි වශයෙන් ඉහළට. අපි යමි කිසි ගණුදෙනුවක් යමි කිසි මිළ ගනනකදි 0.01 Lot Size එකෙන් Open කරන තැන ඉදලා අපිට ඒ ගණුදෙනු තියා ගන්න පලුවන් කලාපය Open Price එකේ ඉදලා තියන Pips ප්‍රමාණය තමයි මෙතනදි කියන්නේ. හැබැයි මෙ කලාපය අපිට වැදගත් වෙන්නේ ලාභ ලැබෙන පැත්තට නෙමෙයි. ඒ කියන්නේ Take Profit පැත්තට නෙමෙයි. අනෙක් පැත්තට. අනෙක්් පැත්ත කියන්නේ Stop Loss පැත්තට. අපි දාන්නේ Buy Order එකක් නමි අපිට මේ කලාපය වැදගත් වෙන්නේ පහළ පැත්තට. අපි දාන්නේ Sell Order එකක්නමි අපිට වැදලත් වෙන්නේ වෙළද පොළ ඉහළ යන පැත්ත. මොකද ඔයා දැන් හොදටම දන්නවනේ ආලාභ ලැබෙන්නේ මොනද පැත්තටද කියලා. අන්න ඒ පැත්තට තමයි අපිට මේ කලාපය අතිශයින් වැදගත් වෙන්නේ. පැහැදිලි නේද ? දැන් ඔයාට මේ කලාපය පිළිබදව හොද අවබෝධයක් තියෙන්න ඔනි ලාභ ගන්න සැබැ අවශ්‍ය තාවයක් ඔයාට තියෙනවනමි.  

අවදානමි කලාපයේ වාසි

        මේ අවදානමි කලාපය භාවිතා කිරීමේ හා දැනගෙන සිටිමේ ප්‍රධාන වාසි ගණනාවක් අපිට තියෙනවා. එකෙන් ප්‍රධාන එක තමයි අපේ ගිනුමේ (තැන්පත් කර ඇති ප්‍රමාණයට ) ගණුදෙනු දැමිය හැකි ප්‍රමාණය පිළිබදව අවබෝධයක් ලැබිම. ගිණුම අවනශ්‍ය ප්‍රමාණය වඩා මුදල් වෙළද පොළට නොවැටිම තවත් වාසියක්. එසේම නොදැනුවත්වම ඔයාගේ ගිනුම පාලනයක් ඇති වීමත් අනෙක් වාසයයි. මොකද ඔයා හොදට දන්නවා ගොඩක් අය තම ගිණුම වල තියෙන මුදල් නැති කර ගන්නේ ඇයි කියලා. ප්‍රධානම කාරණය තමයි හරි අවබෝධයක් එක්ක සිමාව නොදැන සිටීම. ඉතින් ඊට පස්සේ වෙන අයට තමන්ගේ මේ වැරැද්ද එයාලා කියන්නේ නැ. කියන්නේ Forex වැරදි කියලා.

අවදානමි කලාපය මගින් ගිණුම පාලනය කර හැටි 

          හොදයි මෙකත් ඔයාට ඉතා අවශ්‍ය කාරණයක් මෙන්ම නිසි පරිදි නිතරම ලාභ ගන්න අතිශයින් වැදගත් දෙයක්. අපි සරල උදාහරණයකින් බලමු අපේ යොදවන මුදලට සාපෙක්ෂව ගිණුම කොහෝමද නිසි පරිදි පාලනය කර ගන්නේ කියලා. මොකද නිසි පරිදි පාලනය කරන ගිණුම සියල්ලම නිතරම ගන්නේ ලාභ මිසක් ආලභ නෙමෙයි. 

උදා - : යමි කිසි පුද්ගලයෙක් තම ගිනුමට $ 100 ක් යොදා ගනුදෙනු විවෘත කරන්නේ 0.01 lot size එකෙන් කියලා හිතමු කෝ. 
පහත දැක්වෙන ආකාරයට මොහු විසින් 1.3053 දි 0.01 න් EUR/USD මුදල් කාණ්ඩයෙන් Buy Order එකක් විවෘත කළා යැයි සිතමු

එවිට පහත විස්තර එම ගණුදෙනුවට අදාලව සිදුවේ. 
Opening Account Balance - $ 100
Lot Size = 0.01
වෙළද පොළට වැටෙන් මුදල් ප්‍රමාණය = සාමාන්‍ය $ 6.5 ක්. 
ගිණුමේ අවදානමි කලාපය = Pips 1000 
ගිණුම සමිපුර්ණනේම නැතිවි යාම සදහා වෙළද පොළ = 1.2053 දක්වා පහත බැසිය යුතුයි. (හේතුව විවෘත කරලා තියෙන්නේ Buy Order එකක් නිසා. මේක Sell Order එකක් වුනානමි ගිණුම සමිපුර්ණයෙන්ම නැතිවි යාම සදහා වෙළද පොළ 1.4053 දක්වා ඉහළ යා යුතුයි. )
      දැන් මේ විස්තර අනුව ඔයාට පේනවනේ මේ විවෘත කරන ලද ගණුදෙනුව පමණක් තිබුනොත් ගිණුමට කිසිම අවදානමක් පහසුවෙන් වෙන්නේ නැ කියලා. මොකද වෙළද පොළ ගමන් කරන්නේ මම අර කලින් ලිපියක කිවිව Mountain System එකට නිසා එක පාර වෙළ පොළ විශාල වශයෙන් පහළ වැටෙන්නේ නැ. වැටෙනවනමි ටික ටික තමයි පහළ වැටෙන්නේ. දැන් මේ එක ගණුදෙනුව තියෙද්දි පාලනයක් නොදැනුවත්වම වෙනවා. නමුත් තව ගණුදෙනුවක් දැමිිමොත් මොකද වෙන්නේ. අන්න ඒ අවස්ථාවේදි තමන්ගේ ගිණුම අවදානමකට ලක්වෙනවා. අපි හිතමු මේ පුද්ගලයා මේ විවෘත කරපු ගණුදෙනුව මෙහෙමම තිබෙද්දි තවත් ගණුදෙනුවක් විවෘත කළා කියලා. ඒ කියන්නේ වෙළද පොළ තව ටිකක් පහළට ආවට පස්සේ තවත් Buy Order එකක් Open කළා නමි , 
දැන් මේ ගණුදෙනුවටත් 0.01 විවෘත වෙනවා වගේම තමයි අර උඩදි අපි ගත්ත ගණුදෙනුවේ විස්තරත් තාම තියෙනවා. මොකද මේ පුද්ගලයා මේ දෙවනි Order එක දාලා තියෙන්්නෙත් පළමු ගණුදෙනුව ඉවර කරලා නෙමේ. ඉතින් දැන් මේ ගිණුමේ ගනුදෙනු ක්‍රියාත්මක වෙන්නේ කොහෝමද ? 

දෙවනි ගනුදනුවට අදාලවත් පහත පරිදි තමයි විස්තර වැටෙන්නේ. 

Lot Size = 0.01
වෙළද පොළට වැටෙන් මුදල් ප්‍රමාණය = සාමාන්‍ය $ 6.5 ක්.  
දැන් ගිණුම සමිපුර්ණයෙන්ම ඉවර වෙලා යන ප්‍රමාණය අඩුවෙනවා. = 500 pips 

          දෙවනි ගණුදෙනුව සමග දැන් අපිට කලින් තිබුනු 1000 ක අවදානමි කලාපය 500 ක් දක්වා අඩුවෙලා. ඇයි ඒහේ වෙන්නෙ. බලන්න කලින් ගණුදෙනුවෙත් අපි 0.01 Trade එකක් Open කරලා තියෙනවා. දෙවෙනි ගණුදෙනුවෙත් එහේමමයි. ඒ කියන්නේ දැන 0.02 Lot Size වලට සාමාන වෙන්න ගණුදෙනු මෙකේ තියෙනවා. එතකොට අපිට අවදානමි කලාපය ගණනය කරන්න පුලුවන් පහත පරිදි. 

200: 1 Leverage අවසථාවෙදි සැම 0.01 Lot Size එකක ගණුදෙනුවකදි සෑම Pips එකකටම ලාභය හෝ අලාභය = $ 0.1  නමි, 
එවිට සමිපුර්ණ $ 100 Account එකක් තුල = Pips 1000 යි. 
( මේ එක් ගණුදෙනුවක් පමණක් තිබෙන විට)

නමුත් අර පුද්ගලයා දෙවන ගණුදෙනුව විවෘත කළ විට

දැන් $ 100 ගිණුමේ 0.01 Lot Size ගණුදෙනු දෙකක් තියෙන නිසා සමිපුර්ණ Lot Size එකතුව = 0.02 
එක pips 1 කකට එක් ගණුදෙනුවකදි ලාභය හො අලාභය $ 0.1 = Pips 1000 යි.
නමුත් මෙහි ගණුදෙනු දෙකක් තිබෙන නිසා එම දෙකේම එකින් එකට එක Pips එකක් සදහා ලැබෙන ලාභය හෝ අලාභය = $ 0.2 
දැන් ගණුදෙනු දෙකක් ඇති විට අවාදානමි කලාපය = $ 100 බෙදීම $.0.2  = Pips 500 යි. 


     පැහැදිලියි නේද ? මේක හරි සරල දෙයක්. මම මෙතනදි උත්සහ කලේ අඩු අවදානමි කලාපයක් සහිත ගිණුමි වලිදි තන්හාවට ගිහිල්ලා වැඩි ගනුදෙනු එක පාර දාන්න හොද නැ කියන එක. මොකද මුලින් අපිට 1000 ක් තිබිබ අවදානමි කලාපය දෙවනි ගණුදෙනුවත් එක්ක 500 ක් වුනා. අපි තවත් එකක් දැමිමොත් මේ කලාපය තවත් අඩුවෙනවා. අවදානමි කලාපය අඩුවෙනවා කියන්නේ අපේ ගිණුම නැතිවෙන්න තිබෙන ඉඩ කඩ වැඩි කියන එක. ඒකයි මම කියන්නේ වැඩි මුදලක් ගිණුමට දාන්නේ නැති අය ලක්ෂ ගනන්නමි හොයන්න සුදානමි වෙන්න එපා. ඉතින් මේ සිදුවිමත් එක්ක ඔයාට දැන් මේ අවදානමි කලාපය සමිබන්ධ හොද අවබෝධයක් ලැබිලා ඇති

අඩු මුදල් ගිණුමි සහිත සාමාජිකියින් පිළිපැදිය යුතු කොන්දේසි
  1. එක් ගණුදෙනුවක් එක්වරකට පමණක් යෙදවිම
  2. ගනුදෙනුවෙක් ඉවර වු පසු තවත් එකක් යෙදීම
  3. නිසි පරිදි අධ්‍යනය කර ගණුදෙනු යෙදීම
  4. ඉවසිලි වන්ත වීම
  5. අධික තන්හාවෙන් තොර විම
  6. 0.01 Volume එක පමණක් එක් ගණුදෙනුවක් සදහා උපරිමය ලෙස භාවිතා කිරීම                                  තාමත් ඔයාට හරියට රෙන් නැත්නමි මට ෝල් කරන්න/ මෙිල් කරන්න                                     janaka049@gmail.com,0775790103 

(දාසය වන ලිපිය)ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 1

ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 1  

මේ අවදානමි කලාපය ගැන පැහැදිලි කර ගැනිමෙදි දැන් ඔයා හිතන්න ඔනි අපි භාවිතා කරන්නේ වෙළද පොලේ ඉන්නේ පහත විස්තර වලට අනුව කියලා. 

Account Leverage - 200:1 
Main Invest  - $ 100
Buy Price - 1.5900
Volume - 0.01

        මම ඔයාලට කලින් ලිපියේ කියලා දුන්නා Mountain System කියලා ක්‍රමයක්. ඒක ඔය කවුරැත් හොයා ගත්ත එකක් නෙමෙයි. මමම තමයි අත්දැකිමෙන් ඔවා කියන්නේ. ඔයාලට දැන් පෙන්න ඇතිනේ ඒකත් සාර්ථකයි කියලා. හරි දැන් අපි මේ ලිපියෙන් කථා කරන්නේ කොහෝමද අපේ ගිණුමේ අපි දාලා තියෙන Invest එකට අනුව අවදානම නැති කරලා දාන්නේ කියලා. මෙක හරිම පහසු දෙයක්. ඒ වගේම Real Trading කරන කෙනෙකුට ඉතාම වැදගත් මාතෘකාවක් නිසා ඔයා අනිවාර්යෙන්ම මේ ගැන හොද අවධානයක් යොමු කරන්න ඔනි. හරි අපි මුලින්ම මේ ගැන කථාකරන්න කලින් මතක කරන්න ඔනි දෙයක් තියෙනවා. ඒක තමයි අපි Demo Account භාවිතා කරලා Trading කරන කොට අපිට ලැබුනු අවම Volume  එක තමයි 0.1. මතකයි නේද ඒක. ඔය අමතක අය නැවත Demo Account එකේ  Trading Window එක විවෘත කර ගත්තනමි මේක බලාගන්න පුලුවන්. නමුත් අපි Real Account වලට ගියාට පස්සේ මේ Volume එක තවත් අඩුවෙනවා. ඒ කියන්නේ 0.01. මේක ඉතාම පොඩි ගාණක් නිසා ඇත්තටම පොඩි ආයෝජන වලින් ගණුදෙනු කරන අයට ගොාඩක් වාසි. මේ 0.01 කියන්නේ අපිට Trading එකක් දානකොට වැටෙන ප්‍රමාණය කියලා මං කියලා දුන්නා මතක ඇතිනේ. අමතක අය    ගිහිල්ලා නැවත ඒ ලිපිය කියවන්න අමතකනමි. හරි දැන් මේ 0.01 කියන්නේ අපි යමි කිසි ගණුදෙනුවක් විවෘත කරනකොට අපේ ප්‍රධාන Invest එකෙන් Market එකට වැටෙන ප්‍රමාණය. ඒ කියන්නේ අර ලක්ෂ 10 ක් කොටස් වෙළද පොලට දාලා එකෙන් ලක්ෂ  1 ක විතරක් කොටස් ගන්නවා වගේ වැඩක්. එතකොට තව ලක්ෂ 9 ක් අපිට ඉතුරැයි කියලා ඔයාලා දන්නවනේ. අන්න ඒ වගේ තමයි. ඒ වගේම තමයි අපිට දැන් බලන්න පුලුවන් අපි Forex Market එකේදි දාන්නේ Volume එක අවම 0.01 නමි අපි දාලා තියෙන Invest එකට අනුව කොචිචර ප්‍රමාණයක් වෙළද පොළට USD වලින් වැටෙනවද බලන්න. මතක තියාගන්න මේ වෙළද පෙළට ආවට පස්සේ අපේ භාවිතා කරන්නේ ඒ කියන්නේ Deposit Withdraw කරන්න භාවිතා කරන්නේ USD. රැපියල් භාවිතා වෙන්නේ මෙහෙන් සල්ලි පළමු පාර හරි නැවත වතාවක් Invest කරනකොට පමණයි.  හරි එහේනමි අපි බලමු අර කොටස් වෙළද පොළට වැටෙන ලක්ෂ 01 වගේ 0.01 භාවිතා කලොත් මුල්‍ය වෙළද පොළට කියක් වැටෙනවද කියලා. ඒක බලන්න පුලුවන් අපිට පහත ආකාරයෙන්. 

අපි හිතමු දැන් GBP/USD කියන Currency Pair එක වෙළදපොලේ තියෙන්නේ 1.5900 ට කියලා. 
USD Lot 1 =  100,000 (මතකයිනේ කලින් ලිපිය. Lot පිළිබදව මම එතන දාලා ඇති) 
100,000 x 1.5900  = $ 159,000 ක් අවශ්‍ය වෙනවා මේ Lot 1 ක් ගන්න. (මෙ Leverage නොකළ විට.) 

දැන් අපි මේ ගිණුමි විවෘත කරලා තියෙන්නේ Leverage 200:1 කියන එකෙන්නේ. එකතොට
එකතොට ඔයාට Lot එකකට ගෙවන්න වෙන හරිම ගාන වෙන්නේ , 
$ 159,000 බෙදීම 200 (200 ට 1 නිසා)  = $ 795 (අපේ ගිණුමි වලින් මේ Lot 1 ක් ගන්න දැන් $ 795 ක් ඇත්තටම අවශ්‍ය වෙනවා. නමුත් අපි ගන්නේ Lot වලිනුත් 0.01 ක්. ඒ කියන්නේ , )
0.1(Demo Account) ක් ගන්න අවශ්‍ය වෙන මුදල් ප්‍රමාණය $ 795 බෙදීම 10 = $ 79.5 ක්. 
(10 න් බෙදන්නේ ලොටි 1 කකට 0.1 ඒවා 10 ක් තියෙන හින්දා)
0.01(Real Account) ක් ගන්න අවශ්‍ය වෙන මුදල් ප්‍රමාණය $ 79.5 බෙදීම 10 = $ 7.95 ආසන්න වශයෙන් ඇත්තටම අපිට වැය වෙනවා. 

ඔයාට අවශ්‍ය නමි $ 795 කෙලින්ම 100 න් බෙදලා 0.01 ට අවශ්‍ය වෙන USD ප්‍රමාණය හොයන්නත් පුලුවන්. 
       ඒ අනුව අපිට දැන් දැන ගන්න පුලුවන් අපි 0.01 න් Trade එකක් Open කලොත් මේ ගණුදෙනුව විවෘථ වෙන්න අපි යොදවලා තියෙන මුදලෙන් කීයක් වැටෙනවද කියලා. 
       හරි දැන් ඔයාට පැහැදිලිනේ මේ 0.01 ට අවශ්‍ය වෙන මුදල් ප්‍රමාණය අපි හොයා ගත්තේ කොහෝමද කියන එක. ඔය මේ ගාණ වටහා ගන්න කලින් ලිපියේ Lot කියන එක අවබෝධ කර ගැනීම අවශ්‍යයි. දැන් ඔයාට ප්‍රශ්ණයක් ඇති ඇයි අපි මේ ගාණක් හැදුවේ මේ වෙළාවේ කියලා. ඔවි අපි මේ හැදුවේ අපේ අවදානමි කාලාපය දැන් ගන්න අවශ්‍ය වෙන අත්‍යාවශය දෙයක් නිසයි. හේතුව ලිපිය අවසානයට ඔයාට පැහැදිලිවම වැටහේවි. දැන් මේ ගාණ පොඩිඩක් ඔහෝම තියලා අපිට යන්න වෙනවා ආපහු Pips කියන එක පැහැදිලි කර ගන්න. මොකද මේ අවදානමි කලාපය දැන ගැනීමෙදි මේ පිප්ස් කියන එකත් අපිට ගොඩක් වැදගත් නිසා. 

        හරි දැන් ඔයා දන්නවනනේ Pips කියන්නේ මොකක්ද කියලා. දන්නේ නැතිනමි මම කලින් දාපු ලිපි කියවන්න තව අවබෝධයක් එන්නත් එක්ක.   මේ ලිපියේ අවසානයට මම Pips කියන්නේ මොකක්ද කියලා සරලව පැහැදිලි කරලා තියෙනවා. හරි දැන් ඔය අපි යොදවපු මුදල තියෙනවනේ. ඒ කියන්නේ $ 100(මීට වඩා යොදවන අය වැඩි කරලා හාදා ගන්න). ඉතින් අපි මුලින්ම හොයා ගන්න ඔනි අපි මේ යොදවන මුදලේ ඇතුලත කොචිචර Pips ප්‍රමාණයක් අපිට තියෙනවද කියලා. දැන් ඔයාලා බලයි ඇයි මේ Invest කරපු මුදලේ Pips හොයන්නේ කියලා. ඒ මේක ගොඩක් වැදගත් නිසා. මොකද අපේ අවදානමි කලාපය අපිට හොයා ගන්න මේ Pips කියන එක අතිශයින් වැදගත්. හේතුව අපි මේ ගණුදෙනු කරන Forex Market එකේ මිල ඉහළ පහළ යැමි පෙන්වන්නේ Pips වලින් නිසයි. 

       ඉතින් අපි මේ එක Pips එකකට තියෙන $ ප්‍රමාණය හොයාගත්තනමි අපිට අපේ Invest එකේ තියෙන සමිපුර්ණ Pips ප්‍රමාණය ඉතා පහුසුවෙන් හොයාගන්න පුලුවන්. දැන් අපි එකකට තියෙන ඩොලර් ප්‍රමාණය හොයාගන්නේ කොහෝමද ? මේක ඔයාලට අමාරැයි වගේ පෙනුනට හරිම ලේසි. ටිකක් කල්පනා කරලා බල්නනකෝ ලේසි නැද්ද කියලා. 

     සාමාන්‍යෙයන් ඔයා දැන් Trading දාලා ඇතිනේ Demo account එකෙන් හරි. අපි මේ 0.01 කියන Lot Size එක භාවිතා කරලා Trading එකක් open කලොත් ඒ දාන ගිණුමේන් අපිට එක Pips එකකට $ 0.1 ලාභයක් හෝ අලාභයක් ලැබෙනවා. ඒ කියන්නේ අපි හිතමු අපි GBP/USD , 0.01 Lot Size එකෙන් මිල 1.5900 දි Buy Order එකක් දාලා තියෙනවා කියලා. දැන් මේක Market එකට වැටිලා තියෙන Trading එකක්නමි ඔයාට පේනවා ඇති Software එකෙන් ලාභය හෝ අලාභය පෙන්වන ආකාරය. ඒ කියන්නේ වෙළද පොළ 1.5900 ඉදලා 1.5930 දක්වා ඉහළ ගියානමි ඔයා Pips 30 ක් ලාභ ඇරගෙන තියෙනවා. ඇයි අපි ගණුදෙනුව විවෘත කරලා තියෙන්නේ 1.5900  දිනේ. ඒ දාලා තියෙන්නේ Buy Order එකක් නිසා මිල ඉහළ ගියාම තමයි ලාභ ලැබෙන්නේ. ඉතින් අපි භාවිතා කරලා තියෙන්නේ 0.01 නමි මම කලින් කිවවනේ එක pips එකකට $ 0.1 ලාභයක් හෝ පහළ ගියානමි අලාභයක් ලැබෙනවා කියලා. ඉතින් දැන් ඔයා මේ ගනුදෙනුවෙන් Pips 30 ක ලාභයක් ඇරගෙන තියෙනවා.එහේනමි ඔයා ඇරගෙන තියෙන සමිපුර්ණ ලාභය $ වලින් කීයක්ද කියලා කියන්න පුලුවන්ද ? හරිම ලේසි. ඔයා දැන් හරියටම $ 3 ක ලාභයක් ඇරගෙන තියෙනවා අර පිප්ස් 30 ක ගනුදෙනුවෙන්. ඒ කියන්නේ

$ 0.1(එක පිප්ස් එකකට ලැබෙන ලාභය හෝ අලාභය) x Pips 30 = $ 3

         මේක මේ විදියටම තමයි වෙන්නේ.  ඔයාටත් බලන්න ඔනිනමි 0.01 Lot Size එකෙන් ගණුදෙනුවක් දාලා බලන්න ඇත්තටම එක Pips 1 ට $ 0.1 නෙමේද ලාභ හෝ අලාභ එන්නේ කියලා. එතකොට ඔයාටම බලාගන්න පුලුවන් මේක වෙන්නේ මේ විදියටමයි නේද කියලා. හරි දැන් මේක හොයා ගන්න පුලුවන්නේ. ඒ වගේම තමයි ඔයා මේ දාපු ගණුදෙනුවන් ආපස්සට ගිහිල්ලා Pips 30 ක් ආලාභයක් ඇවිල්ලානමි එත් ඔයාට $ 3 ක් පාඩුයි. පැහැදිලිනේ. හරි දැන් අපි මේ ඔක්කෝම හොයාගෙන අපි යන්නේ අපි දාලා තියෙන මුදලට අපිට ගණුදෙනු කරන්න පුලුවන් කලාපය (Trading Area ) එක දැන ගන්න. දැන් අපි බලමු මොකක්ද මේ ගනුදෙනු කලාපය කියන්නේ කියලා. 


ගණුදෙනු කලාපය (Trading Area) 

          ඇත්තටම මේ කියන්නේ අපි යොදවන Invest එකට සාපෙක්ෂව අපිට ගණුදනු කරන්න පුලුවන් කලාපය. මේ කලාපය ඇතුලේ අපට බය නැතිව ගනුදෙනු කරන්න පුලුවන්. ඉතින් ඔය අලුතෙන් යන අය අනිවාර්යෙනම් මේ පිළිබදව දැනගෙන ඉන්න එක බොහෝම වැදගත්. එතකොට කිසිදු ලොස් එකක් නැතිව බොහෝම පහසුවෙන් අපිට ගණුදෙනු කරන්න හැකියාව ලැබෙනවා. හොදයි දැන් අපි උඩ පැහැදිලි කිරීම වලදි 0.01 Lot Size එකට වෙළද පොළට වැටෙන USD ප්‍රමාණයත් , එක පිප්ස් එකකට අපිට ලැබෙන ලාභය හෝ අලාභය USD වලිනුත් හොයා ගත්තා. මෙතනදි අපිට මේ දෙකම ඉතා වැදගත් වෙනවා. අපි බලමු එහේනමි අපේ Trading Area එක මොකක්ද කියලා. දැන් ඔයා මුලින් යොදවලා තියෙන්නේ $ 100 ක් නමි අපි බලමු අර එක පිප්ස් එකකට ලැබෙන ඩොලර් අගය භාවිතා කරලා මේ දාලා තියෙන මුලු මුදලේම ඇතුලේ අපිට කීයක් Pips Area එකක් ලැබෙනවද කියලා. ඒ කියන්නේ අපේ කලාපය. ඔය පිප්ස් කියන්නේ ඉහළ පහළ යන වෙනස හදුනා ගන්නා ඒකකනේ. මේ පිප්ස් වලින් තමයි ඒ ක පෙන්වන්නේ. එතකොට අපි දැන් මේ මුලු මුදල ඇතුලේ Pips ප්‍රමාණය හොයා ගමු. 


0.01 ලොටි සයිස් එකෙන් එක පිප්ස් එකකට අපිට $ 0.1 ලැබෙනවනමි $ 100 ක් වෙන්න අපට Pips කියක් ඔනි කරනවද ? ඒ කියන්නේ අර පිප්ස් 30 කට $ 3 ක් වගේ තමයි $ 100 ට කියක්ද කියන එක. 


$ 100 බෙදීම $ 0.1  = 1000 (මේ 1000 කියන්නේ අපේ මුලු මුදල ඇතුලේ අපිට ලැබෙන Pips ප්‍රමාණය)


    ඔන්න දැන් අපිට අපේ Trading Area එක පහසුවෙන් හදුනා ගන්න පුලුවන්. දැන් ඔයාට පැහැදිලිනේ අපි යොදවලා තියෙන $ 100 ඇතුලේ අපට ගණුදෙනු කරන්න පුලුවන් Pips 1000 ක් තියනවා කියලා. දැන් මෙකේ වටිනාකම අපිට පහත පරිදි බලාගන්න පුලුවන්. 

    අපි හිතමු ඔයා 1.5900 දි Buy Order එකක් දාලා තියෙනවා කියලා. ඉතින් ඔයාට මේ ගණුදෙනු ඇතුලේ Pips 1000  කලාපයක් තියෙනවා ගණුදෙනුව ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ අපේ මුලික ආයෝජනය $ 100 යි නමි අපි දාලා තියෙන Buy එකෙන් පහළට ආසාමාන්‍ය විදියට වෙළද පොළ පහළ ගියොත් ඔයාගේ ගණුදෙනුව රැදිලා තියෙන්නේ මේ Pips 1000 ඉවර වෙනකමි විතරයි. මොකද අපි දැන් දන්නවා Buy Order එකක් Lost වෙන්නේ ගත්ත ගානට වඩා වෙළද පොළ පහළ ආවොත් කියලනේ. ඉතින් ඔයාට දැන් 1.4900 වෙනකමි අවස්ථාව තියෙනවා වෙළද පොලේ රැදි ඉන්න මේ මුලික ආයෝජනය අනුව. ඒ කියන්නේ ඔයාට තියෙන පිප්ස් 1000 ක කලාපයෙනුත් වෙළද පෙළ පහලට ගිහිල්ලා ඔයාගේ ගිණුම සමිපුර්ණයෙනම් Lost වෙළා යන්න වෙළද පොළ 1.4900 දක්වා පහළ බහින්න ඔනි. එහේම ආවෙ නැත්නමි ඔයාගේ ගිණුම Lost වෙන්නේ නැ කවදාවත්. හැබැයි ලාභ පැත්තට මෙ කලාපය අදාල නැ. මොකද ලාභ ලැබෙන්න ලැබෙන්න ගිණුමට එකතු වෙන හින්දා ගිණුම තවත් වර්ධනය වෙනවා ඇරෙන්න Lost වෙන්නේ නැනේ. ඉතින් මේ හේතුව නිසා අපි කිසිම අවස්ථාවක $ 100 ක් නමි ගිණුමට දාලා තියෙන්නේ ගණුදනෙු දෙක තුන එක පාර දාන්න යන්න හොද නැ. මොකද එහේම දාන අය තමයි ඉක්මනට ගිණුම නැති කර ගන්නේ. ඇයි එහේම වෙන්නේ ඔයාට මේ Pips 1000 අවදානමි කලාපයක් ලැබෙන්නේ දාන එක Trading එකකට විතරයි. දෙකක් දැමිමොත් Pips 1000 , 500 වෙනවා. ඒ කියන්නේ තවත් කලාපය අඩුවෙලා අවදානම වැඩි වෙනවා කියන එක. ඔයා ගණුදෙනු දෙකක් දාලා තියෙනවනමි දැන් ඔයාට ලැබෙන්නේ Pips 500 ක කලාපයක් විතරක් නිසා අර 1.5900 ට දාලා තියෙන ගණුදෙනු ආපස්සට ඇවිල්ලා 1.5400 දි Lost වෙළා යනවා. දැන් ඔයාට පේනවා නේද ඇයි ඔය ගොඩක් අය ටික දිනකින්ම මේ ගිණුිමි නැති කර ගන්නේ කියලා. මෙන්න මේකට තමයි තියන්නේ අපේ ගිණුමේ අවදනාමි කලාපය කියලා. මේ අනිවාර්යෙන්ම ඔයා දැන ගෙන ඉන්න ඔනි දෙයක් .


       ඒ වගේම තමයි තව සමහරැ Forex වලින් ලාභ ගන්න පුලුවන්ද කියලා බලන්න මුලින් දාන්නේ $ 50 යි. ඉතින් මේ ප්‍රමාණය ඉතා පොඩි ආයෝජනයක් නිසා අවදනාමි කලාපය අඩුයි. ඒ ක නිසා ගිණුම අවදානමි වැඩි. මොකද $ 50 ක ගිණුමකට ලැබෙන්නේ Pips 500 කලාපයක් විතරනේ. ඒ වගේම තමයි ටිකක් වැඩි පුරා ගිණුමට දාන්න දාන්න ඔයාගේ ගිණුමේ කලාපය වැඩි වෙලා අවදානම අඩුවෙනවා වගේම ගණුදෙනු දාන්න පුලුවන් ප්‍රමාණයත් වැඩි වෙනවා. බලන්නකෝ මම පහත දාලා තියන කලාප ටික. මම ඔය දාලා තියෙන්නේ යොදවන මුලික මුදලට අනුව කලාප ලැබෙන ආකාරය. 


$ 50 ක් නමි  = 500 
$ 100 ක් නමි  = 1000
$ 200 ක් නමි  = 2000
$ 500 ක් නමි  = 5000
$ 1000 ක් නමි = 10,000 යි. 


      දැන් ඔයාට පේනවා නේද යොදවන මුලික මුදල වැඩි වෙන්න වැඩි වෙන්න අවදානම අඩුවෙනවා කියලා. ඒකයි මම කියන්නේ යොදවන්න පුලුවන්නමි පුලුවන් උපරිමයටම දාන්න කියලා. මොකද වැඩි ආයෝජනයකට ලැබෙන අවදනාම ගොාඩක් අඩු නිසා. ඒ වගේ ගන්න පුලුවන් ලාභයත් ගොඩක් වැඩි

(පහලොස් වන ලිපිය)Basic Trading - 4

Basic Trading - 4 

ගණුදෙණු යොදන පිළිවෙළ 

       මේක නමි අනිවාර්යෙන්ම පිළිපදින්න ඔනි. මොකද නැත්නමි පාඩු  වෙන්නේ ඔයාටමයි. මොකක්ද මේ පිළිවෙළ ? අපි මොක කලත් පිළිවෙළක් තියෙනවනමි කොචිචර පහසුද . ඒ වගේ ඒ පිළිවෙලෙන් ලැබෙන ප්‍රෙයාජන කොචිචරද ? සාමාන්‍ය ජිවිතයේදි ඔයාලා ඒක අත්දැකලා ඇතිනේ. Forex Market එකේ Trading කරනකොටත් මේ පිළිවෙළ තියෙනවනමි ලාභ ගන්න හරිම පහසුයි.ඔයා Trading දාන ආකාරය ගැන. දැනටට ඔයා භාවිතා කරන්නේ demo account නිසා අවුලක් නැ. නමුත් Real account එකකට ගියාම අනිවාර්යෙන්ම මේ පිළිවෙළ පිළිපදින්න ඔනි. මොකද අපි යමි කිසි පිළිවෙළක් තියාගෙන තමයි Forex වල Trading Open ඔනි වෙන්නේ. පහත තියෙන්නේ පිළිපදින්න ඔනි උපදෙස්.

01. ඔය හැම මුදල් වර්ගයන්ම (Currency Pair ) Trade කරනන් යන්න හොද නෑ. අපි එහේම නොකරන්නේ යමි මුදල් වර්ගයක් එක්ක ගනුදෙනු කරන්න අපිට තොරතුරැ අවශ්‍ය වෙන හින්දා. තොරතුරැ කියන්නේ මේ Currency Pair එක දැන් ඉහළ යයිද පහළ යයිද කියලා දැන ගන්න අවශ්‍ය වන තොරතුරැ. මතකයිනේ මම මුල ලිපියක කිවිවා ලෝකේ එක් එක් රටවල් වල ආර්ථිකමය සිදුවිමි මුදල් වලට බලපාලා මේ මුල්‍ය වෙළද පොලේ ඒ මුදල් වර්ගටත් බලපානවා කියලා. ඉතින් මෙතනදි අපි ප්‍රධාන වශයෙන්ම අපිට ගනුදෙනු කරන්න පුලුවන් මුදල් වර්ග හා විශාල තොරතුරැ ලැබෙන මුදල් වර්ග තොරා ගත හැකි. ඉතින් ඔයාට ඒකට EUR/USD , GBP/USD කියන Currency Pair භාවිතා කරන්න පුලුවන්. මොකද මෙවා ලොකේ බලවතුන්ගේ මුදල් වර්ග නිසා ලැබෙන තොරතුරැ ප්‍රමාණය වැඩි. ඔය තොරතුරැ හරහා කරන ගණුදෙනු වලට කියන්නේ New Trading කියලා. ඒගැන මම පසුව ලිපියක කියලා දෙන්නමි. 

02. Open Trading ප්‍රමාණය -
 ඔයා අනිවාර්යෙන්ම පිළිපැදිය යුත් එකක් තමයි මේක. මොකද සමහරැ $ 100 ක් වගේ Invest එකක් කරලා එක පාර Trading 5- 10 ත් අතර දානවා. ඔය එ වගේ ගණුදෙනු ප්‍රමාණයක් දාන්නනමි (අවම 0.01 ලොටි සයිස් එකෙන්) අඩුම තරමේ ගිණුමේ $ 1000 ට වැඩියෙන් තියෙන්න ඔනි. ඔය  $ 100 ක් වගේ දාන අය එක් ගණුදෙනුවෙන් ගණුදෙනුව තමයි Trade කරන්න ඔනි. ඒ කියන්නේ එකක් Open කරලා එක Profit වුනාට පස්සේ  Close කරලා තමයි තව එකක් දාන්න ඔනි. එහේ්ම නැති දෙක තුනක් එක පාර දාන්න එපා. ඒක Loss වෙන්න ප්‍රධාන හේතුවක්..මොකද ඔයාගේ ගිණුමේ මුලික ආයෝජනය අඩු නිසා දාන්න පුලුවන් ගණුදෙනු ප්‍රමාණය අපි මේ මුලික ආයෝජනයට හදා ගන්න ඔනි. එහේම කළාම අවදානම අඩු කර ගෙන ගණුදනෙු කරන්න එකින් එක යන එක් ගොඩක් හොදයි. ඉතින් මෙහේම දවසකට $ 1 - $ 3 ක් දක්වා එක් ගණුදෙනුවකින් ඔයාට ගන්න පුලුවනි. ඉතින් දවසට ගණුදෙනු දෙක තුනක් හරියට දානවනමි කීයක් විතර ගන්න පුලුවන්ද ? හැබැයි එකක් මතක කියා ගන්න. $ 100 ක් දාලා ලක්ෂ ගණන්නමි හොයන්න යන්න එපා. එහේම කරන්න බෑ. 

03. MT4 Software එකේ පෙනුම -  ඔය හැමෝම තමන්ගේ  MT4 Software එකේ අපිට අවශ්‍ය මුදල් වර්ග වලට විතරක් Chart තියාගන්න. හැම මුදල් වර්ගයක Chart Open කර ගෙන තියාගන්න එපා. මොකද එහේම කළා කියලා වැඩකුත් නැනේ. ඉහත මම කිවිව මුදල් වර්ග දෙක ඇරෙන්න අනෙක් Chart ඔක්කෝම අයින් කරලා දාන්න. ඔය හැම Software එකක්ම මුලින් Install කරාට පස්සේ තියෙන්්නේ පැය 4(H4)  Chart' ඒ කියන්නේ. අතීතයේ ඔය මුදල් වර්ගය ගමන් ගත් ආකාරය පැය 4 න් 4 ට පෙන්වනවා කියන එක. History. ඉතින් ඔයා මෙචිචර විශාල කාලසීමාවකින් අතීතයේ වෙළද පොල ගමන් ගත් ආකාරය බලලා Trading කරන්න බැ. ඒවා එක්කෝ විනාඩි 5 න් 5 ට හෝ 15 න් 15 ට තියෙන ප්‍රමාණයට හාදා ගන්න ඔනි. ඒක ඔයාට කරන්න පුලුවන් බලන්න ඔයාගේ MT4 Software එකේ Chart එකට උඩින් ඇති M1 , M5 , M15 ,  M30 ආදි වශයෙන්. අන්න එතනින් M5 කියන එක කිලික් කරන්න. 

වෙළද පොල ඉහළ යයිද ? පහළ යයිද ?

            හොදයි දැන් අපි බලමු අපිට වෙළද පොල ඉහළ යන අවස්ථා හා පහළ යා හැකි අවස්ථා හදුනා ගන්්නේ කොහෝමද කියලා. හැබැයි මතක තියා ගන්න මේක Basic අවබෝධයක් සදහ පමණයි මම ලියන්නේ..අපිට මේ ගැන විශාල වශයෙන් කථා කරන්න තියෙනවා ඉස්සරහට. ඒවා ඉදිරි ලිපිවලදි පිළිවෙළට කථා කරමු. කාට වුනත් තියෙන ප්‍රධාන ප්‍රශ්ණය තමයි කොහෝමද දැන් වෙළද පොළ ඉහල යයිද පහළ යියද කියලා හරියට දැන ගන්නේ කියලා. සමහරැ ඔය Candle Stick Pattern , Technical Analysis ආදි ක්‍රම භාවිතා කරනවා මේක දැන ගන්න. ඒ අයගේ MT4 දැක්කම බය හිතෙනවා. හතර වටේටම ඉරි ගහගෙන. හැබැයි එකක් අද වෙනකමි වෙළද පොළ ඉහළ යියද පහළ යයිද කියලා හරියටම කියන්න පුලුවන් කිසිවෙක්් ලොකේ නැ. නමුත් නිවැරදි අනුමාන කරන්න පුලුවන්.  ඔය මම පහතින් දාලා තියෙන සරල ක්‍රම කිහිපය භාවිතා කරලා බලන්න සාර්ථකද කියලා. ඉතා වැදගත් ක්‍රම ඉස්සරහට එන්න තියෙන ලිපි. 

      Forex Market එකේ මිල ඉහළ පහල යැමි යන්නේ මේ Software එකේ තියෙන ඉරි කැලි නිසා නෙමෙය. ලෝක ආර්ථිකයේ සිදුවන වෙනස් වීමි නිසා. ඔයා Internet Connection Disconnect කලොත් MT4 එක නවතිනවා. නමුත් Forex Market එක නවතිනවද ? නැනේ. ඔය හැම Indicator , RSI , MCDA , thechnical analysis , candle Stick pattern ආදි දෙවල් වලින් කරන්නේ ඒවා ලියලා තියෙන Program Script   මත වැඩ කිරීම පමණයි. ඒ වට හිතන්න පුලුවන්ද ? බැ නේ. එහේනමි කොහෝමද කාටවත් හරියට කියන්න බැරි දෙයක් Software එකක් කියන්නේ. වෙළද පොල අනුමාන කරන්න පුලුවන් හොදම විදිය තමයි 
Mountain System 

Mountain SYSTEM - භාවිතා කරන ආකාරය

         හැමෝම කදු දැකලා තියනවා නේ. කදු කොහෝමද යන්නේ. ඉහළට ටිකක් ඊළගට පහළට. ආයේ ඉහළට.. අයේ පහළට. මෙන්න මේවිදියටනේ. හොදින් බලන්න Forex market එකත් ඒ විදියමයි. ඔය මම පහළින් දාලා තියෙන්නේ Daily time එකෙන් ගත්ත Screenshot එකක්. හොදට බලන්න මම මේ කියන විදියට නෙමෙයිද වෙළද පොල ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒ විදියට නේද ගිහිල්ලා තියෙන්නේ. 
 ඉතින් මෙතනදි අපට ගන්න පුලුවන් අදහස තමයි “කන්දක් නැග්ගොත් පල්ලමක් අහුවෙනවා කියන “ කථාව. හොදට බලන්න එහේම වෙළාද නැද්ද කියලා. ඉතින් සාමාන්‍ය ගණුදෙනු වළදි ඔයාට මේ ක්‍රමයත් දළ අදහසක් ගන්න භාවිතා කරන්න පුලුවන්. නමුත් එක දිගට පහළ යන අවස්ථාවක් නමි එසේ පහළ ගොස් නතර වන තුරැ බලා ඉන්න. එක දිගට ඉහළ යන අවස්ථාවක් නමි ඉහළ ගොස් නතර වන තුරැ බලා සිටින්න. ඉහළ හෝ පහළ ගොස් නතර වු තැනදි ඔබට ගණුදෙනුවක් යොදන්න පුලුවන්. ඔයා දැනට Demo Account Trading කරන නිසා මෙම ක්‍රමය අත්හදා බලන්නකෝ හරියන්නේ නැතිද කියලා. හැබැයි මෙවැනි ක්‍රම වලදි වැඩි පුරා ලාභ ලැබන තෙක් බලා ඉන්න හොද නැ. සාමාන්‍යෙයන් Pips 10 - 15 ක් ගිය සැනින් ලාභය ගන්න ඔයා දැන ගන්න ඔනි. නැතිනමි ආයෙත් අනිත් පැත්තට යන්න  පුලුවන්. 
සාමාන්‍යෙයන් මෙම ක්‍රමය පහත ආකාරයෙන් භාවිතා කරන්න පුලුවන්. ඔයාලත් උත්සහ කරලා බලන්න. 
  • Chart එකේ ඉහළටම වෙළද පොල ගිහිල්ලා තියෙනවනමි එතනින් අදහස් වෙන්නේ අපි ඉන්නේ කන්දේ මුදුනේ කියන එක. ඉතින් ඊට පස්සේ අහුවෙන්නේ පල්ලමක් නේ. එතකොට මේ කන්ද මුදුනේදි හෙවත් chart  එකේ මුදුනෙදි අපි දාන්නේ මොකක්ද ? Sell trade එකක්. මොකද වෙළද පොල ඊළගට පහල යන නිසා. 
  • Chart  එකේ පහළටම වෙළද පොල ගිහිල්ලා තියෙනවමි අපි මොකක්ද දාන්නේ. ඒ කියන්නේ දැන් අපි ඉන්නේ කන්දේ පහල. අපිට ඊළගට හමිබුවෙන්නේ නැවතත් කන්දක් හෙවත් නැග්මක්. අන්නේ මේ වගේ අවස්ථාවල හෙවත් Chart එකේ පහළටම ඇවිල්ලා තියෙන කොට BUY TRADE එකක් තමයි අපිට දාන්න පුලුවන්. මොකද ඊළගට නැග්මක් නිසා. 
මේක හොදට අධ්‍යනය කරන්න. දැන් මෙකට අනුව Chart එකේ ඉහළදි Sell Trade , Chart එකේ පහළදි Buy Trade තමයි අපි දාන්න ඔනි. 
ඉතින් මෙ ක්‍රමයට ඔයාට භාවිතා කරන්න පුලුවන් M15 වෙලාවෙන් තියෙන Chart එක. ඔන්න මම තවත් Screenshot එකක් පහතින් දාලා තියෙනවා. 
මේ උඩ පින්තුරයෙන් දාලා තියෙන්නේ විනාඩි 30 න් ගත්ත එකක්. එකෙත් ඒ විදියටම නේද වෙළද පොල ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔයා මේක ටිකක් අත්හදා බලන්නකෝ...මොකද අපි එකින් එක අවබෝධයට ඇරගෙන ඉදිරියට යමු. ඇත්තටම තව ක්‍රම රාශියක් තියෙනවා ලියන්න. අනෙත් ඒවා මම ඊළග ලිපියේ් ඉදලා කථාකරනවා. හැබැයි ඒවා සාමාජිකයින්ට පමණයි හොදේ. මම මේ එකක් විතරයි ඔයාට කියලා දුන්නේ. කොහෝම උනත් මේ ක්‍රමය භාවිතා කිරිමේදි කොන්දේ සි කිහිපයක් තියෙනවා. එවත් අවබෝධයට ගන්න. 

01.  දකින දකින සෑම අවස්ථාවකම ගණුදෙනු නොයෙදිය යුතුයි. 
02. වඩාත් පැහැදිලි නැග්මක හෝ බැස්මකදි පමණක් මෙම ක්‍රමය භාවිතා කළ යුතුයි. 
03. මෙම ක්‍රමයෙන් යොදන ගණුදෙනු වලින් විශාල ලාභ ලබා ගැනීම සදහා රදවා ගැනීම නොකළ යුතුයි. 
04. බැස්ම හෝ නැග්ම අවම වශයෙන් Pips 30 ක් වත් යන තුරැ සිටිය යුතුයි.

(දාහතර වන ලිපිය)Basic Trading - 3

Basic Trading - 3 (Lots , Leverage , Margin)


 දැන් ඔයාට ගණුදෙනු යෙදවීම හා එය Close කර ගැනීම එම ගණුදනුවලට Stop Loss , Take Profit සකසන්න පුලුවන්නේ. එවා කරන්න බැරිනමි පසු ගිය ලිපි ආයේ කියවන එක හොදයි. මොකද මම කලිනුත් කියලා ඇති මේක තමයි අපේ ප්‍රධාන දේ. ඒ කියන්නේ ගණුදෙනු යෙදවිම. ඔයාට ගණුදෙනු යෙදවීම ගැන , යොදවන්නේ කුමන අවස්ථාවලදිද , වෙළද පොළ ඉහළ පහළ යැම හදුනා ගන්නා ක්‍රම ආදිය පිළිබදව දැනුමක් තියෙනවනමි සාර්ථක ලෙස ලාභ ගන්න පුලුවන්. තව ලිපි ගොඩක් ඉදිරියට තියෙන නිසා හිමිහිට කියවගෙන ඉදිරියට යන්න. මම මේ පහත දාලා තියෙන ඒවා ඔයාගේ Trading වලට අත්‍යාවශ්‍ය වන දෙවල් ටිකක්. එවා දන්නේ නැතිනමි Forex ඇත්තටම කරලා වැඩක් නැ. ඒක නිසා කියවගෙන යන්න. 

Lots  ?

       ඔන්න අපි තවත් Forex වල තියෙන දෙයක් ඉගෙන ගන්නයි යන්නේ. Lots කියන වචනේ ඔයාට Forex Trading වලදි ගොඩක් හමිබවන වෙන වචනයක්. ඔයා Trading එකක් Open කරන්න යනවනමි අනිවාර්යෙන් මේක දැනගෙන ඉන්න ඔනි. හරි දැන් ඔයාටමතක ඇති අපි Trading එකක් විවෘත කරන කොට අපිට හමිබවුනා Volume = 0.1 , 0.2 , 0.3 ආදි වශයෙන් තියන ඒවා වගයක්. අමතක නමි ඔය MT4 Software එක විවෘත කරලා අර Trading Window එක open කර ගන්න. එකේ Volume කියන එකේ තමයි මෙවා තියෙන්නේ. ඔන්න මතක තියා ගන්න මොවාට තමයි Lots කියලා කියන්නේ. දැන් ඔයා බලනවා ඇති ඇයි මේවා වැදගත් වෙන්නේ කියලා. දැන් ඔයා යමි කිසි මුදල් ප්‍රමාණයක් ගිණුමට තැනපත් කළාට පස්සේ මෙම Lots ගැන අවබෝධයක් නැති අය තමයි ඔය ඉක්මනටම ගිණුම Loss කර ගන්නේ. මොකද Lots කියන එකෙන් තමයි අපි යොදවන මුදලට අපිට යෙදවිය හැකි ගනුදෙනු ප්‍රමාණය බලා ගත හැක්කේ. ඔය අපි කොටස් වෙළද පොළට මුලික තැන්පතුව රැ ලක්ෂ 10 ක් දැමිමනමි අපි ඒ ඔක්කෝම එකපාර දාලා කොටස් ගන්නේ නැනේ. අපි කොටස් ගන්නේ මේ ලක්ෂ 10 න් පොඩි ගාණක නේද ? ලක්ෂයක වගේ. අන්න ඒ වගේ කරන්න තමයි Forex Market එකේ අපි lots කියන ඒකකය භාවිතා කරන්නේ. දැන් අපි මුදල් වර්ගයක් (Currency Pair ) එකක් ගනිමු. GBP/USD. දැන් මෙකේ ප්‍රධාන මුදල් වර්ගය (Base Currency ) එක GBP  නේ. ඒ වගේම අනිත් Currency එක (Quote Currency) USD.  හරි දැන් ඔය කිලෝ එකකට ග්‍රෑරැමි කියනවා වගේ තමයි  Lots එකකට 100,000 ක් තියෙනවා. මෙතනදි මතක තියා ගන්න Lot 1 කියන්නේ අර 0.1 ක් නෙමේ. 0.1 කියන්නේ Lot 1 නුත් 10 න් පංගුවක්. අපි Real Account වලට යනකොට මේ ප්‍රමාණය 0.01 දක්වා අඩුවෙනවා.  එතකොට Lot 1 කියන්නේ

                   Lot 1 = 100,000 යි. ( 100,000 කියන්නේ සමිමත් යුනිටි. දැන් ඔයාලා මේක ගැන දහඅතේ කල්පනා කරන්න එවා මොකක්ද මේ යුනිට් වර්ග කියලා. මෙක මේ විදියට මතක තියා ගත්තම හොදටම ඇති.) 

       දැන් මේකට සාමාන්‍යෙයන් අපි භාවිතා කරන වචනය තමයි Standard Lot කියන එක. හැබැයි තියෙන්නේ මේක විතරක් නෙමේ. තව Mini Lot , Micro Lot , Nano Lot කියලත් තියෙනවා. දැන් ඔයා ඔය බර බලන කොට කීයක් නමි මේ වගේ හමිබ වෙනවද ? ග්‍රෑරැමි , කිලෝ , රාත්තල් , ටොන් ආදි වශයෙන්. පැහැදිලි නේද ? දැන් ඔයාලා බලනවා ඇති මොකක්ද මේකෙන් වෙන්නේ කියලා. ඊට කලින් පහත ටිකත් බලන්නකෝ. 

                    Lot               =       100,000
                    Mini Lot       =       10,000
                    Micro Lot     =       1,000 
                    Nano Lot     =        100 

      දැන් පැහැදිලි නේ. දැන් මේ මම උඩින් දාලා තියෙන ප්‍රමාණයන් අපි අපේ Trading වලට යොදාගෙන බලමු මොකක්ද වැදගත් කම කියලා. දැන් ඔයා හිතන්න මේ වෙලාවේ GBP/USD මිල 1.5800 කියලා. දැන් ඔයාට මෙතනදි Buy Order එකක් හරි Sell Order හරි දාන්න ඔනි. එහේම දාන්න ඔනිනමි ඔයා අනිවාර්යෙන්ම Lot කීයක් හරි ගන්න වෙනවනේ. නැත්නමි Trading Open වෙන්නේ නැති නිසා. හරි දැන් මේ 1.5800 දිGBP Lot 1 ක් ගන්න ඔයාට USD කීයක් ඔනි වෙනවද (අපි ජ්‍යාත්‍යන්තර ගණුදෙනුවලදි භාවිතා කරන්නේ USD . හරියට ලංකාව ඇතුලත ඔයා රැපියල් වලින් යමි භාණ්ඩයක් ගන්නවා වගේ.)  එතකොට ඔයාට අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය වෙන්නේ, 

                     GBP Lot 1 = 100,000 
                   100,000 x 1.5800 = USD 158,000 ක් අවශ්‍ය වෙනවා. ආපොයි Trading කරනවා තියා හිතන්නවත් බැරි ගාණක් නේද ? මොකද රැපියල් වලින් බැලුවොත් ලොකු ගාණක් යනවා 1 ක් ගන්න. ඔන්න ඔයාට Leverage කියන එක මෙතනදි අදාල වෙනවා. මේ Leverage නැතිනමි අපට Forex Market එකේ ගණුදෙනු කරනවා කියලා හිතන්නවත් බෑ. හරි දැන් එතකොට අපි ඉහළින් දැක්ක 0.1 කියන්නේ මේ lot 1 දහයෙන් පංගුවක්. ඔක Real Account එකකට ගියාම 0.01 වෙනවනේ. ඒ කියන්නේ Lot 1 න් 100 න් පංගුවක්. දැන් අපි Leverage කියන එකට යමුකෝ. 

Leverage කියන්නේ මොනවද ? 
             
                      දැන් අපි ඉහළින් දැක්ක අපිට Forex Market එකේ Lot 1 ගන්න අතී විශාල මුදලක් වැය වන බව. ඒත් ඔයාලා දන්නවා අපිට පුලුවන් අවම $ 100 ක් වගේ පොඩි ගාණක් දාලත් Trading කරන්න පුලුවන් බව. එහේනමි ඒ කොහෝමද ?  මෙන්න මෙ කියන  Leverage  එක නිසා තමයි අපිටත් මෙකේ ගණුදෙනු කරන්න පුලුවන් වෙලා තියෙන්නේ. ඔය Leverage කියන එවා  400:1 , 200:1 , 100:1 , 50:1 ආදි වශයෙන් අපිට Forex Broker ආයතනයන් සපයනවා. සාමාන්‍යෙයන් හොදම Leverage එක තමයි මේතන තියෙන 200:1 කියන එක. දැන් ඔයාට ප්‍රශ්ණයන් නේ මොකක්ද මේ කියලා. මේකෙන් කරන්නේ අර විශාලව ගෙවිය යුතු අගය තවත් කුඩා කර පෙන්වීම. පහත උදාහරණය බලන්නකෝ..

                       අපි හිතමු ඔයාගේ Leverage 200:1 කියලා. දැන් වෙළද පොලේ GBP/USD තියෙන මිල 1.5800 නමි ඔයාට GBP Lot 1 එකක් ගන්න අවශ්‍ය වන USD කීයද ? 

GBP Lot 1 = 100,000
100,000 x 1.5800
USD 158,000 /-
නමුත් මෙ එන USD මුදල් ප්‍රමාණය Leverage කළ විට 
158,000 බෙදීම 200 = USD 790 යි. 

දැන් ඔයාට 200:1 Leverage යටතේ GBP Lot 1 ගන්න සත්‍ය වශයෙන්ම වැය වන USD ප්‍රමාණය 790 යි. ඒ කියන්නේ රැපියල් වලින් කීයද කියලා බලන්න. නමුත් අපි කවදාවත් Lot 1 ක් එකපාර ගන්නේ නැ. ඒ විදියට ගන්නේ ලොකු සල්ලි කාරයෝ. අපි ගන්නේ Lot 0.1 ඉදලා පහළට. ඒ කියන්නේ Lot Size 0.01 ක දක්වා. ඉතින් Demo Account වලදි අපිට අවම  0.1 Lot Size එක ගන්න සත්‍ය වශයෙන් ඩොලර් 79 ක් වැය වෙනවා(790 බෙදීම 10. මොකද 0.1 කියන්නේ Lot 1 න් 10 න් පංගුවක්.). real Account එකකදි අවමය 0.01 Lot Size එකෙන් එක Trade එකක් දාන්න අපිට ඩොලර් 7.9 වැය වෙනවා. (790 බෙදීම 100) දැන් පෙනවා නේද අපි වගේ අයට ගනුදෙනු කරන්න ගාණට ප්‍රමාණය අඩුවෙන හැටි. දැන් මෙක Lot Size වලට වැය වෙන ඩොලර් ප්‍රමාණය අපිට Margin කියන එකට අදාලයි. ඔය margin කියන එක තමයි අපිට අනෙක් වැදගත්ම දේ. මම මේ පහතින් දාලා තියෙන්නේ Trading එකක් Open කළාට පස්සේ එකේ විස්තර වැටෙන තැන. ඔයාලට පේනවා නේද එතන margin කියලා එකක් තියෙනවා. 
Margin ?
 
               හරි අපි හිතමු ඔයා දැන් මුලින්ම ඔයාගේ ගිණුමට $ 100 ක් දැමිමා කියලා. මම කලිනුත් කියලා ඇති ඔය පරික්ෂා කරලා බලන්න එහේම $ 50 ක් වගේ ගාණක් දාන්න හිතාගෙන ඉන්න අය ඉන්නවනමි මෙක මෙතනින්ම නවත්තලා දාන්න කියලා. මමනමි අනුමත කරන අවම මුදල 100 ක්. හරි ඔයා $ 100 ක් දැමිමනමි දැන් ඔයාට 0.01 (මෙ ප්‍රමාණය Demo වල නෑ) Lot Size එකෙන් එක Trading එකක් Open කරන්න සත්‍ය වශයෙන්ම USD කීයක් යනවද ? හදල බලන්න. හරියට අර කොටස් වෙළද පොලට ලක්ෂ 10 ක් මුලිකව දාලා එකෙන් ලක්ෂ 1 ක් භාවිතා කරලා කොටස් ගන්නවා වගේ වැඩක්. හරි අපි හදලා බලමුකෝ. 


මුලික ආයෝජනය  =  $ 100 (ඒ කියන්නේ උඩ පින්තුරෙ balance එක) 
Lot Size එක එක Trading එකක් සදහා = 0.01 (මෙ කියන්නේ Trading Window එකේ volume එකේ   අවම ප්‍රමාණය)
GBP/USD වෙළද පොල මිල = 1.5800


දැන් ගාණ හදමු 


Lot 1 = 100,000
100,000 x 1.5800 = USD 158,000
158,000 බෙදීම 200 (200:1 නිසා) = USD 790 
අපේ Lot Size එක 0.01 නිසා = USD790 බෙදීම 100 = USD 7.9 යි. 


දැන් අපිට 0.01 Lot Size එකෙන් එක Trading එකක් දාන්න USD 7.9 ක් වැය වෙනවා. මෙක ආපහු අපිටම ලැබෙනවා අපි විවෘත කරපු ගණුදෙනුව Close කරාට පස්සේ. ඒ කියන්නේ අපි $ 100 ක් දාලා එකෙන් $ 7.9 ක් භාවිතා කරලා Trading එකක් open කළාට පස්සේ මෙක ලාභ පිට හෝ ආලභ පිට Close කරාට පස්සේ අපිට මේ ආයෝජනය නැවත අපේ ගිණුමට ලැබෙනවා. දැන් අපේ මෙ ගනුදෙනුව යෙදෙවිවා කියලා හිතමු. එතකොට උඩ පින්තුරෙ තියෙන ඒවා වෙනස් වෙන්නේ පහත විදියට


Balance     =    $ 100
Equity        =     (Trading එක Close කරනකමි ඔබ ලබලා තියෙන ලාභය හෝ අලාභය Balance එකේන අඩු කරලා හරි එකතු කරලා හරි පෙන්වන එක. )
Margin       =     $ 7.9 
Free Margin      = 100 - 7.9 - (දැනට තියෙන ලාභය හෝ අලාභය) 


ඉතින් මෙන්න මේක තමයි වැදගත්ම දේ. මේ සියල්ල නැවත හොදින් කියවලා අවබෝධ කර ගන්න අවශ්‍යයි. මොකද අපි කොචිචර Trading දැමිමත් මේ Free Margin එක අපි මුලිකව යොදවපු මුදලෙන් (ඒ කියන්නේ ඩොලර් 100) 50% කට වඩා අඩුවෙන්න හොද නැ. ඒක නිසා $ 100 ක් ගිණුමට දාන අය එක Trading එකක් ඉවර වුනාට පස්සේ තමයි තව එකක් දාන්න ඔනි. ඒ කියන්නේ එකක් ඇර එකක්. ඔය Real Account වලට ගියාට පස්සේ මේ උපදේශය අනිවාර්යෙන්ම තදින්ම පිළිපදින්න ඔනි. නැත්නමි Loss Sure. එහෙම ලොස් වෙන්න අකමැති අය ඉන්නවනමි වැඩි මුදලක් Deposit කරන්න ඔනි.  දැන් ඔයාලා නැවත පාරක් මේ ලිපිය හොදින් කියවලා තනියම අවබෝධ කර ගන්න උත්සහ කරන්න ප්‍රශ්ණ තියෙනවනමි කෙමෙන්ටි කරන්න. මම පිළිතුරැ දෙන්නමි. එ වගේම මේ ලිපිය බොහෝම වැදගත් එකක්. මෙක හරියට අවබෝධ කර ගෙන Trading වලට ගලපා ගන්න

(දහතුන් වන ලිපිය)Basic Trading - 2 (ගණුදෙනු කරමු)

Basic Trading - 2 (ගණුදෙනු කරමු)



දැන් අපහසු වුන අය දැක්කා නේද කොහෝමද ගණුදෙනුවක් විවෘත කර ගන්නේ හා Close කර ගන්නේ කියලා. මෙ විඩියෝ එකේ තියෙන විදියට ඔයාලත් මුලික වශයෙන් Trading 10 ක් 15 ක් open කරලා Close කරාට කමක් නැ. මොකද මේ කරන්නේ අපි පුහුණු වීමක් නිසා. එහේම කරලා Trading එකක් විවෘත කර ගන්න විදිය Close කර ගන්න විදිය හොදින් පුහුණු වෙන්න. හොදයි දැන් අපි පොඩි පුහුණුවීමක් කළානේ. මෙ ගැන පොඩිඩක් කථා කරමු

Instant Order 

ඔයා දැන් ඔය කලින් දාලා තිබුන විදියට විවෘත කර ගත්තේ Instant එහේමත් නැතිනමි ක්ෂණික Order කියන ඒවා. ඒ කියන්නේ අපි යමි කිසි මිල ගණනකදි එකපාරටම Open කරන ගණුදෙනු. මේවා විවෘත කරාට පස්සේ ආයේ වැඩක් නැ කියලා අයින් කරලා දාන්න බෑ. මොකද ක්ෂණිකවම වැටෙන ගනුදෙනු නිසා මුදලුත් එකපාරටම වෙළද පොළට වැටෙන හින්දා. වැඩක් නැ කියලා අයින් කරලා දැමිමොත් ඉතින් අපේ සල්ලිම තමයි නැති වෙන්නේ. ඒක නිසා මේ වගේ Trade හැමවෙළෙම විවෘත Open කරන්නේ නැ. ඔයා දැක්කනේ මුල්‍ය වෙළදපොලේ මිල ගනන් ක්ෂණිකව වෙනස් වෙනවා කියලා. ඉතින් යමි කිසි අවස්ථාවක ඔයාට හිතුනොත් දැන් ක්ෂණිකවම Buy or Sell Order එකක් දාලා Profit ගන්න පුලුවන් කියලා අන්න් ඒ වගේ අවස්ථාවලදි ඔයාට මෙම Instant Order පාවිචිචි කරන්න පුලුවන්. දැන් ඔයාලා බලනවා ඇති මෙහෙම එකක් මට හමිබුනේ නැනේ කියලා. ඇයි නැත්තේ හමිබ වුනා. මම කලින් ලිපියේ Trading Window එක ගැන පැහැදිලි කරද්දි මම කිවිවා නේද ඒ වින්ඩෝ එකේ තියෙන Account Type කියලා එකක් ගැන. අන්න එතන මුලින්ම තියෙන්නේ මේ Instant Order කියන එක තමයි. 

Pending Order

                            දැන් ඔය Instant Order කියන එකට පහළින්ම තියෙන්නේ මේක තමයි. දැන් ඔයා බලයි ඇයි මේ විදියට දෙකක් තියෙන්නේ කියලා. මම කලින් කිවිවා instant Order තියෙන්නේ ක්ෂණික අවස්ථාවල Open කරන්න. Pending Order ඊට වඩා වෙනස්. මෙ Order ක්‍රමයේදි අපිට අවස්ථාව ලැබෙනවා කලින් buy Or Sell කළ යුතු මිලක් තීරණය කරන්න. ඒ කියන්නේ මට ඔනි මෙන්න මේ මිලට ආවට පස්සේ buy Trade එකක් open වෙන්න. මෙන්න මේ මිලට ආවට පස්සේ Sell Trade එකක් Open වෙන්න කියලා කලින් තිරණය කරන්න. එහේම තිරණය කරලා අපි ගණුදෙනුවක් විවෘත කරලා තිබිබම ඒ අපි කලින් තිරණය කරපු මිලට වෙළද පොළ මිල ආපු ගමන් ස්වංක්‍රිවයම අපි Place කරලා තිබිබ Pending Order එක Open වෙනවා. උදාහරණයක් විදියට දැන් වෙළද පොළේ GBP/USD එකක මිල තියෙන්නේ 1.5900 ට කියලා හිතන්න. නමුත් ඔයාට ඔනි මේ මිලට Buy Order එකක් Open කරන්න නෙමේ. ඔයාට ඔනි වෙළදපොළ තව ටිකක් පහළට ආපුවම ඒ කියන්න්නේ 1.5870 ට වගේ ආපුවම buy කරන්න. එතකොට ඔයාට මෙම ක්‍රමය භාවිතා කරන්න පුලුවන්. මම පහළ දාලා තියෙන ඡායාරෑපය බලන්නකෝ. ඉස්සෙල්ලාම එකේ Account Type එක Pending Order කියලා Change කරලා (අංක 1) Type කියන එකේදි(අංක 2) ඔයා තෝර ගන්න ඔනි දාන Trade එක buy ද Sell කියලා. ඒකට ඔයාට buy Limit / Sell Limit කියන එකෙන් අදාල එක තෝරගන්න පුලුවන්. ඒ කියන්නේ ඔයාට දාන්න ඔනි buy Trade එකක් නමි Buy Limit කියන එකයි ඔයාට දාන්න ඔනි Sell Trade එකක් නමි Sell Limit කියන එකයි තෝර ගන්න පුලුවන්. ඔය දෙක මාරැ කරලා දාලා හරියන්නේ නැ හරිද ? ඒක හොදින් බලන්න. ඉතින් ඔයාට දාන්න ඔනි මොන Trade එකද කියලා තිරණය කරලා ඒ අවශ්‍ය මිල ලබා දෙන්න ඔනි(අංක 4). ඊට පස්සේ ඒ තිරණය කරපු අගයට අපිට පුලුවන් Order එක දාන්න. ඒ කියන්නේ Place කරන්න. ඒකට Place Order කියන එක කිලික් කලාම හරි (අංක 3) දැන් ඔයාට බලන්න පුලුවන් ආපහු අර Chart එක යටින් අපි මේ දාපු Pending Order එක වැටිලා තියෙන හැටි.(කලින් Instant Order එකේ විස්තර වැටිලා තිබිබ තැනම) හැබැයි ඒක තාම Active Trade එකක් නෙමේ. එහේම වෙන්නේ අපි තිරණය කරපු මිලට තාම වෙළද පොල ඇවිල්ලා නැති නිසයි. ඉතින් අපි තිරණය කරපු මිලට වෙළද පොල ආපුවම තමයි මේ pending Order එක Active වෙලා  අර අපි කලින් දාපු Instant Order එකක් විදියට වැඩ කරන්නේ. පහළ මම දාලා තියෙන ඡායාරැපයත් බලන්නකෝ
හොදයි දැන් ඔයාට Pending Order / Instant Order අතර වෙනස හා ඒවා Open කර ගන්න විදිය පිළිබදව අවබෝධයක් ආවනේ. ඔය Demo ගිණුමි වලින් මේක ටිකක් පුහුණු වුනාට කමක් නැ. මොකද මෙක තමයි ගොඩක් වැදගත් දේ. ඔයාලා Forex Trading පිළිබදව මොනවා ඉගෙන ගත්තත් අවසානයේදි සිදු කරන්නේ මේ Trading කරන එ නිසා මේ සමිබන්ධව හොද අවබෝධයක් ලබා තිබිම අතිශයින්ම වැදගත්. 

Take Profit සැකසීම

              දැන් ඔයාට අවශ්‍යනමි මේ Pending Order එකටම Take Profit කියන එකත් සකසන්න පුලුවන්. මෙකෙන් වෙන්නේ අපි කලින් තිරණය කරලා pending Order එකට යොමු කරන මිලට Trade එක විවෘත වුනාට පස්සේ ලාභය ලැබෙන මිලත් කලින්ම තිරණය කරලා තියන එකයි. මේක හරිම ලේසි. උදාහරණයක් විදියට ඔයාට Pending Buy Order එකක් Open කරන්න අවශ්‍යි වෙළදපොල 1.5850 ආවට පස්සේ. දැන් වෙළද පොළ තියෙන්නේ 1.5900 නමි ඔයා දන්නවා මේ ගණුදෙනුව විවෘත වෙන්නේ 1.5850 ට අවාට පස්සේ විතරයි කියලා. ඉතින් අපිට දැන් අවශ්‍ය Buy Order එකක නිසා ඔයාට 1.5850 ට ගණුදෙනුව විවෘත වුන ගමන් ලාභයත් ලැබිය යුතු අගයත් තිරණය කරලාම තියන්න පුලුවන්. ඒ කියන්නේ buy Order වලදි ලාභ ලැබෙන්නේ ගත් මිලට වඩා වෙළද පොළ ඉහළ ගියොත් කියලා දැන් ඔයා දන්නවන්නේ. එහේනමි 1.5850 නමි ගත් මිල ලාභය ලැබෙන්න නමි මෙ මිලට වඩා වෙළද පොළ ඉහළ යන්න ඔනි. ඉතින් ඒ ඉහළ අගයත් තමයි මේ Take profit කියලා අපි හදන්නේ. ඉතින් ඔයාට Take profit අගය විදියට 1.5850 ට වැඩි අගයක් දාන්න පුලුවන්. 1.5870 ක් විතර. ඒ කියන්නේ 20 ක විතර පරතරයක් ඇතිව. ඔය 20 ට කියන්නේ Forex වලදි pips කියලා. මං ඒ ගැන ඊළග ලිපියෙන් කියලා දෙන්නමි. දැන් පැහැදිලි නේද ? එතකොට buy Trade වලිදි Take Profit එක ගත් මිලට වඩා ඉහළ අගයක් Sell Trade වලදි Take Profit ගත් මිලට වඩා පහළ අගයක්. තේරැණානේ. මෙකේ වාසිය අපිට හැමවෙලේම අන්තර්ජාලයේ ඉන්න බැරිනමි මේ වගේ ගනුදෙනු සකසලා තියලා ගියාම ඒක ස්වංක්‍රියවම වැඩ කරන නිසා ප්‍රශ්ණයක් නැ. 

Stop Loss සැකසීම

          මෙකත් හරිම ලේසි. මෙකෙන් වෙන්නේ අපි යමි කිසි ගනුදෙනුවක් විවෘත කරාට පස්සේ අනවශ්‍ය විදියට වෙළද පොල අනෙක් පැත්තට යනවනමි භාවිතා කරන්න පුලුවන් අගයක්. වෙළද පොළ අනවශ්‍ය විදියට අනෙක් පැත්ත යනවනමි ඒක අපිට පාඩුවක් නේ. ඒ එන පාඩුව විශාල ප්‍රමාණයකට යන්නේ නැතිව සුලු අවස්ථාවකින් ඉවර කර ගන්න තමයි මේ Stop Loss කියන එක අපි භාවිතා කරන්නේ. එහේම අපි Stop Loss අගය තිරණය කරලා තිබිබම ස්වංක්‍රීයවම මේ අනවශ්‍ය විදියට ලැබෙන පාඩු නැතිවෙලා යනවා. මේක සකසන්න පුලුවන් ඉහතින් මම දාලා තියෙන take Profit සකසන විදියටම. ඒ කියන්නේ ඔයා විවෘත කරලා තියෙන්නේ Buy Trade එකක්නමි Stop Loss වෙන්නේ එකට වඩා පහළ අගයක්. ඔයා විවෘත කරලා තියෙන්නේ Sell Trade එකක් නමි Stop Loss අගය වෙන්නේ ඒකට වඩා ඉහළ අගයක්. හැබැයි මේ අගය දාද්දි ඔය විවෘත කරපු මිලත් එක්ක තියෙන පරතරය ටිකක වැඩි වෙන්න ඔනි. ඒ කියන්නේ Pips 40 ක 50 ක වත් වෙනසක් තියෙන්න ඔනි.

PIPS යනු 

            මම ඔයාට උඩින් සදහනක් කළා මේ Pips කියන එක ගැන. නමුත් මම පැහැදිලි කලේ් නැනේ ඒ මොකක්ද කියලා. ඔන්න දැන් මම ඒක කියන්න යන්නේ. දැන් ඔයා හොදින් බලන්න Forex Market එකේ මිල ගනන් වෙනස් වන ආකාරය. ඒ කියන්නේ GBP/USD කියන මුදල් කාණ්ඩය ගත්තොත් උදාහරණයක් විදියට 1.5810 , 1.5820 , 1.5830 ආදි විදියටනේ මිල වෙනස් වෙන්නේ. දැන් මේ විදියට වෙළද පොලේ මිල වෙනස් වුනානමි වෙනසක් තියෙනවා ඔයාට පේනවා ඇති. ඒ කියන්නේ ඔය අන්තිම අගයන් වලින් 10 න් 10 ට වෙනස් වෙළා තියෙනවා පේනවා නේද ? ඔක 10 න් 10 ට නෙමේ යන්නේ 1 න් 1 ට. මම උදාහරණයක් ගත්තේ පැහැදිලි කරන්න. ඉතින් ඔය අන්තිම අගයන් වල සිට සමිපුර්න අගයේම වෙනස් වන ප්‍රමාණයේ වල එකතුවට තමයි Pips කියලා කියන්නේ. ඔය මම පහතින් දාලා තියෙන්නේ Forex Market එකේ  GBP/USD වල මිල සදහන් වන ආකාරය. 
සරල උදාහරණයක්,

01. Market Price 1.5810 - 1.5820 ඉහළ ගියානම මෙහි වෙනස Pips 10
02. Market Price 1.5800 - 1.5801 ඉහළ ගියානමි මෙහි වෙනස Pips 01
03. Market Price 1.5800 - 1.5798 පහළ ගියානමි මෙහි වෙනස Pips 02
04. Market Price 1.5800 - 1.5900 ඉහළ ගියානමි මෙහි වෙනස Pips 100
05. Market Price 1.5800 - 1.5600 පහළ ගියානමි මෙහි වෙනස Pips 200

        දැන් තේරැණා නේද? වෙළද පොළ ඉහළ ගියත් පහළ ගියත් ඒ වෙනසට තමයි මේ Pips කියලා කියන්නේ. එතකොට මම ඔයාගෙන් ප්‍රශ්ණයක් අහනවා මේ සමිපුර්ණ අගය ඇතුතේ ඒ කියන්නේ 1.5800 කියන අගය ඇතුගේ සමිපුර්ණ Pips කීයක් තියෙනවද කියලා. පුලුවන්නමි පිළිතුරක් දෙන්න බලන්න. ඔක ඇතුතේ සමිපුර්ණ Pips 15800 ක් තියෙනවා. දශම තිත අයින් කරලා බලන්න අගය හරිද කියලා. හරි නේද ?