Tuesday, May 6, 2014

(දහතුන් වන ලිපිය)Basic Trading - 2 (ගණුදෙනු කරමු)

Basic Trading - 2 (ගණුදෙනු කරමු)



දැන් අපහසු වුන අය දැක්කා නේද කොහෝමද ගණුදෙනුවක් විවෘත කර ගන්නේ හා Close කර ගන්නේ කියලා. මෙ විඩියෝ එකේ තියෙන විදියට ඔයාලත් මුලික වශයෙන් Trading 10 ක් 15 ක් open කරලා Close කරාට කමක් නැ. මොකද මේ කරන්නේ අපි පුහුණු වීමක් නිසා. එහේම කරලා Trading එකක් විවෘත කර ගන්න විදිය Close කර ගන්න විදිය හොදින් පුහුණු වෙන්න. හොදයි දැන් අපි පොඩි පුහුණුවීමක් කළානේ. මෙ ගැන පොඩිඩක් කථා කරමු

Instant Order 

ඔයා දැන් ඔය කලින් දාලා තිබුන විදියට විවෘත කර ගත්තේ Instant එහේමත් නැතිනමි ක්ෂණික Order කියන ඒවා. ඒ කියන්නේ අපි යමි කිසි මිල ගණනකදි එකපාරටම Open කරන ගණුදෙනු. මේවා විවෘත කරාට පස්සේ ආයේ වැඩක් නැ කියලා අයින් කරලා දාන්න බෑ. මොකද ක්ෂණිකවම වැටෙන ගනුදෙනු නිසා මුදලුත් එකපාරටම වෙළද පොළට වැටෙන හින්දා. වැඩක් නැ කියලා අයින් කරලා දැමිමොත් ඉතින් අපේ සල්ලිම තමයි නැති වෙන්නේ. ඒක නිසා මේ වගේ Trade හැමවෙළෙම විවෘත Open කරන්නේ නැ. ඔයා දැක්කනේ මුල්‍ය වෙළදපොලේ මිල ගනන් ක්ෂණිකව වෙනස් වෙනවා කියලා. ඉතින් යමි කිසි අවස්ථාවක ඔයාට හිතුනොත් දැන් ක්ෂණිකවම Buy or Sell Order එකක් දාලා Profit ගන්න පුලුවන් කියලා අන්න් ඒ වගේ අවස්ථාවලදි ඔයාට මෙම Instant Order පාවිචිචි කරන්න පුලුවන්. දැන් ඔයාලා බලනවා ඇති මෙහෙම එකක් මට හමිබුනේ නැනේ කියලා. ඇයි නැත්තේ හමිබ වුනා. මම කලින් ලිපියේ Trading Window එක ගැන පැහැදිලි කරද්දි මම කිවිවා නේද ඒ වින්ඩෝ එකේ තියෙන Account Type කියලා එකක් ගැන. අන්න එතන මුලින්ම තියෙන්නේ මේ Instant Order කියන එක තමයි. 

Pending Order

                            දැන් ඔය Instant Order කියන එකට පහළින්ම තියෙන්නේ මේක තමයි. දැන් ඔයා බලයි ඇයි මේ විදියට දෙකක් තියෙන්නේ කියලා. මම කලින් කිවිවා instant Order තියෙන්නේ ක්ෂණික අවස්ථාවල Open කරන්න. Pending Order ඊට වඩා වෙනස්. මෙ Order ක්‍රමයේදි අපිට අවස්ථාව ලැබෙනවා කලින් buy Or Sell කළ යුතු මිලක් තීරණය කරන්න. ඒ කියන්නේ මට ඔනි මෙන්න මේ මිලට ආවට පස්සේ buy Trade එකක් open වෙන්න. මෙන්න මේ මිලට ආවට පස්සේ Sell Trade එකක් Open වෙන්න කියලා කලින් තිරණය කරන්න. එහේම තිරණය කරලා අපි ගණුදෙනුවක් විවෘත කරලා තිබිබම ඒ අපි කලින් තිරණය කරපු මිලට වෙළද පොළ මිල ආපු ගමන් ස්වංක්‍රිවයම අපි Place කරලා තිබිබ Pending Order එක Open වෙනවා. උදාහරණයක් විදියට දැන් වෙළද පොළේ GBP/USD එකක මිල තියෙන්නේ 1.5900 ට කියලා හිතන්න. නමුත් ඔයාට ඔනි මේ මිලට Buy Order එකක් Open කරන්න නෙමේ. ඔයාට ඔනි වෙළදපොළ තව ටිකක් පහළට ආපුවම ඒ කියන්න්නේ 1.5870 ට වගේ ආපුවම buy කරන්න. එතකොට ඔයාට මෙම ක්‍රමය භාවිතා කරන්න පුලුවන්. මම පහළ දාලා තියෙන ඡායාරෑපය බලන්නකෝ. ඉස්සෙල්ලාම එකේ Account Type එක Pending Order කියලා Change කරලා (අංක 1) Type කියන එකේදි(අංක 2) ඔයා තෝර ගන්න ඔනි දාන Trade එක buy ද Sell කියලා. ඒකට ඔයාට buy Limit / Sell Limit කියන එකෙන් අදාල එක තෝරගන්න පුලුවන්. ඒ කියන්නේ ඔයාට දාන්න ඔනි buy Trade එකක් නමි Buy Limit කියන එකයි ඔයාට දාන්න ඔනි Sell Trade එකක් නමි Sell Limit කියන එකයි තෝර ගන්න පුලුවන්. ඔය දෙක මාරැ කරලා දාලා හරියන්නේ නැ හරිද ? ඒක හොදින් බලන්න. ඉතින් ඔයාට දාන්න ඔනි මොන Trade එකද කියලා තිරණය කරලා ඒ අවශ්‍ය මිල ලබා දෙන්න ඔනි(අංක 4). ඊට පස්සේ ඒ තිරණය කරපු අගයට අපිට පුලුවන් Order එක දාන්න. ඒ කියන්නේ Place කරන්න. ඒකට Place Order කියන එක කිලික් කලාම හරි (අංක 3) දැන් ඔයාට බලන්න පුලුවන් ආපහු අර Chart එක යටින් අපි මේ දාපු Pending Order එක වැටිලා තියෙන හැටි.(කලින් Instant Order එකේ විස්තර වැටිලා තිබිබ තැනම) හැබැයි ඒක තාම Active Trade එකක් නෙමේ. එහේම වෙන්නේ අපි තිරණය කරපු මිලට තාම වෙළද පොල ඇවිල්ලා නැති නිසයි. ඉතින් අපි තිරණය කරපු මිලට වෙළද පොල ආපුවම තමයි මේ pending Order එක Active වෙලා  අර අපි කලින් දාපු Instant Order එකක් විදියට වැඩ කරන්නේ. පහළ මම දාලා තියෙන ඡායාරැපයත් බලන්නකෝ
හොදයි දැන් ඔයාට Pending Order / Instant Order අතර වෙනස හා ඒවා Open කර ගන්න විදිය පිළිබදව අවබෝධයක් ආවනේ. ඔය Demo ගිණුමි වලින් මේක ටිකක් පුහුණු වුනාට කමක් නැ. මොකද මෙක තමයි ගොඩක් වැදගත් දේ. ඔයාලා Forex Trading පිළිබදව මොනවා ඉගෙන ගත්තත් අවසානයේදි සිදු කරන්නේ මේ Trading කරන එ නිසා මේ සමිබන්ධව හොද අවබෝධයක් ලබා තිබිම අතිශයින්ම වැදගත්. 

Take Profit සැකසීම

              දැන් ඔයාට අවශ්‍යනමි මේ Pending Order එකටම Take Profit කියන එකත් සකසන්න පුලුවන්. මෙකෙන් වෙන්නේ අපි කලින් තිරණය කරලා pending Order එකට යොමු කරන මිලට Trade එක විවෘත වුනාට පස්සේ ලාභය ලැබෙන මිලත් කලින්ම තිරණය කරලා තියන එකයි. මේක හරිම ලේසි. උදාහරණයක් විදියට ඔයාට Pending Buy Order එකක් Open කරන්න අවශ්‍යි වෙළදපොල 1.5850 ආවට පස්සේ. දැන් වෙළද පොළ තියෙන්නේ 1.5900 නමි ඔයා දන්නවා මේ ගණුදෙනුව විවෘත වෙන්නේ 1.5850 ට අවාට පස්සේ විතරයි කියලා. ඉතින් අපිට දැන් අවශ්‍ය Buy Order එකක නිසා ඔයාට 1.5850 ට ගණුදෙනුව විවෘත වුන ගමන් ලාභයත් ලැබිය යුතු අගයත් තිරණය කරලාම තියන්න පුලුවන්. ඒ කියන්නේ buy Order වලදි ලාභ ලැබෙන්නේ ගත් මිලට වඩා වෙළද පොළ ඉහළ ගියොත් කියලා දැන් ඔයා දන්නවන්නේ. එහේනමි 1.5850 නමි ගත් මිල ලාභය ලැබෙන්න නමි මෙ මිලට වඩා වෙළද පොළ ඉහළ යන්න ඔනි. ඉතින් ඒ ඉහළ අගයත් තමයි මේ Take profit කියලා අපි හදන්නේ. ඉතින් ඔයාට Take profit අගය විදියට 1.5850 ට වැඩි අගයක් දාන්න පුලුවන්. 1.5870 ක් විතර. ඒ කියන්නේ 20 ක විතර පරතරයක් ඇතිව. ඔය 20 ට කියන්නේ Forex වලදි pips කියලා. මං ඒ ගැන ඊළග ලිපියෙන් කියලා දෙන්නමි. දැන් පැහැදිලි නේද ? එතකොට buy Trade වලිදි Take Profit එක ගත් මිලට වඩා ඉහළ අගයක් Sell Trade වලදි Take Profit ගත් මිලට වඩා පහළ අගයක්. තේරැණානේ. මෙකේ වාසිය අපිට හැමවෙලේම අන්තර්ජාලයේ ඉන්න බැරිනමි මේ වගේ ගනුදෙනු සකසලා තියලා ගියාම ඒක ස්වංක්‍රියවම වැඩ කරන නිසා ප්‍රශ්ණයක් නැ. 

Stop Loss සැකසීම

          මෙකත් හරිම ලේසි. මෙකෙන් වෙන්නේ අපි යමි කිසි ගනුදෙනුවක් විවෘත කරාට පස්සේ අනවශ්‍ය විදියට වෙළද පොල අනෙක් පැත්තට යනවනමි භාවිතා කරන්න පුලුවන් අගයක්. වෙළද පොළ අනවශ්‍ය විදියට අනෙක් පැත්ත යනවනමි ඒක අපිට පාඩුවක් නේ. ඒ එන පාඩුව විශාල ප්‍රමාණයකට යන්නේ නැතිව සුලු අවස්ථාවකින් ඉවර කර ගන්න තමයි මේ Stop Loss කියන එක අපි භාවිතා කරන්නේ. එහේම අපි Stop Loss අගය තිරණය කරලා තිබිබම ස්වංක්‍රීයවම මේ අනවශ්‍ය විදියට ලැබෙන පාඩු නැතිවෙලා යනවා. මේක සකසන්න පුලුවන් ඉහතින් මම දාලා තියෙන take Profit සකසන විදියටම. ඒ කියන්නේ ඔයා විවෘත කරලා තියෙන්නේ Buy Trade එකක්නමි Stop Loss වෙන්නේ එකට වඩා පහළ අගයක්. ඔයා විවෘත කරලා තියෙන්නේ Sell Trade එකක් නමි Stop Loss අගය වෙන්නේ ඒකට වඩා ඉහළ අගයක්. හැබැයි මේ අගය දාද්දි ඔය විවෘත කරපු මිලත් එක්ක තියෙන පරතරය ටිකක වැඩි වෙන්න ඔනි. ඒ කියන්නේ Pips 40 ක 50 ක වත් වෙනසක් තියෙන්න ඔනි.

PIPS යනු 

            මම ඔයාට උඩින් සදහනක් කළා මේ Pips කියන එක ගැන. නමුත් මම පැහැදිලි කලේ් නැනේ ඒ මොකක්ද කියලා. ඔන්න දැන් මම ඒක කියන්න යන්නේ. දැන් ඔයා හොදින් බලන්න Forex Market එකේ මිල ගනන් වෙනස් වන ආකාරය. ඒ කියන්නේ GBP/USD කියන මුදල් කාණ්ඩය ගත්තොත් උදාහරණයක් විදියට 1.5810 , 1.5820 , 1.5830 ආදි විදියටනේ මිල වෙනස් වෙන්නේ. දැන් මේ විදියට වෙළද පොලේ මිල වෙනස් වුනානමි වෙනසක් තියෙනවා ඔයාට පේනවා ඇති. ඒ කියන්නේ ඔය අන්තිම අගයන් වලින් 10 න් 10 ට වෙනස් වෙළා තියෙනවා පේනවා නේද ? ඔක 10 න් 10 ට නෙමේ යන්නේ 1 න් 1 ට. මම උදාහරණයක් ගත්තේ පැහැදිලි කරන්න. ඉතින් ඔය අන්තිම අගයන් වල සිට සමිපුර්න අගයේම වෙනස් වන ප්‍රමාණයේ වල එකතුවට තමයි Pips කියලා කියන්නේ. ඔය මම පහතින් දාලා තියෙන්නේ Forex Market එකේ  GBP/USD වල මිල සදහන් වන ආකාරය. 
සරල උදාහරණයක්,

01. Market Price 1.5810 - 1.5820 ඉහළ ගියානම මෙහි වෙනස Pips 10
02. Market Price 1.5800 - 1.5801 ඉහළ ගියානමි මෙහි වෙනස Pips 01
03. Market Price 1.5800 - 1.5798 පහළ ගියානමි මෙහි වෙනස Pips 02
04. Market Price 1.5800 - 1.5900 ඉහළ ගියානමි මෙහි වෙනස Pips 100
05. Market Price 1.5800 - 1.5600 පහළ ගියානමි මෙහි වෙනස Pips 200

        දැන් තේරැණා නේද? වෙළද පොළ ඉහළ ගියත් පහළ ගියත් ඒ වෙනසට තමයි මේ Pips කියලා කියන්නේ. එතකොට මම ඔයාගෙන් ප්‍රශ්ණයක් අහනවා මේ සමිපුර්ණ අගය ඇතුතේ ඒ කියන්නේ 1.5800 කියන අගය ඇතුගේ සමිපුර්ණ Pips කීයක් තියෙනවද කියලා. පුලුවන්නමි පිළිතුරක් දෙන්න බලන්න. ඔක ඇතුතේ සමිපුර්ණ Pips 15800 ක් තියෙනවා. දශම තිත අයින් කරලා බලන්න අගය හරිද කියලා. හරි නේද ?

No comments:

Post a Comment