Tuesday, May 6, 2014

(දාහත් වන ලිපිය)ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 2

ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 2 


දැන් ඔයාට ඔයාගේ Real Account වලට මුදල් දාන්න කාලේ ඇවිල්ලා. මොකද මේ ලිපියෙන් එහාට ඔයාට Demo account භාවිතා කරලා වැඩක් නැ. සමහරක් ක්‍රම මේ Demo account වලින් භාවිතා කරන්න බැ. මොකද ඔයාලාට පහසු වෙන්න මම තව මෘදුකාංග කිහිපයකුත් ගැන කියනව. එවා ප්‍රධාන වශයෙන්ම මිල ගනන් ඉහළ පහළ යෑම පෙන්වන මෘදුකාංග. ඉතින් එවා භාවිතා කරන්නත් Real Account එකක් ඔයාට තියෙන්න ඔනි.

 

මුදල් තැන්පත් කර ගනිමුද ? 

      හොදයි. මම ඉහතින් කිවිවා වගේ දැන් ඔයා ගිණුමට මුදල් දා ගන්න. ගිණුම විවෘත කර ගෙන ඉන්න අය බලන්න
1. Document Verification 
2. Card Verification  කියන අවස්ථා දෙක හරියට කර ගත්තද තියලා.     
 



අවදානමි බැහැර කිරිම පිළිබදව තවදුරටත් 

        හොදයි අපි දැන් කලින් ලිපියෙන් කතා කළ එක මතකයි නේ. ඒක ඔයා නැවත වරක් අධ්‍යනය කරන්න අපහසු නමි. මම දැන් මේ ලිපියේන් කියලා දෙන්නේ එතන ඉදලා ඉතුරැ ටික. දැන් අපි ඉතා සුලු ගණනය කිරිමක් කරලා අපේ අවදානමි කලාපය අපි දැන ගත්තනේ. ඒ කියන්නේ අපි යොදවන මුදලට සාපෙක්ෂව අපිට ලැබෙන අවදානමි කලාපය. නැවත උදාහරණයකින් මතක කරනවනමි අපි 

  • $ 50 - 500 pips 
  • $ 100 - 1000 Pips 
  • $ 200 - 2000 Pips

     ආදි වශයෙන් ඉහළට. අපි යමි කිසි ගණුදෙනුවක් යමි කිසි මිළ ගනනකදි 0.01 Lot Size එකෙන් Open කරන තැන ඉදලා අපිට ඒ ගණුදෙනු තියා ගන්න පලුවන් කලාපය Open Price එකේ ඉදලා තියන Pips ප්‍රමාණය තමයි මෙතනදි කියන්නේ. හැබැයි මෙ කලාපය අපිට වැදගත් වෙන්නේ ලාභ ලැබෙන පැත්තට නෙමෙයි. ඒ කියන්නේ Take Profit පැත්තට නෙමෙයි. අනෙක් පැත්තට. අනෙක්් පැත්ත කියන්නේ Stop Loss පැත්තට. අපි දාන්නේ Buy Order එකක් නමි අපිට මේ කලාපය වැදගත් වෙන්නේ පහළ පැත්තට. අපි දාන්නේ Sell Order එකක්නමි අපිට වැදලත් වෙන්නේ වෙළද පොළ ඉහළ යන පැත්ත. මොකද ඔයා දැන් හොදටම දන්නවනේ ආලාභ ලැබෙන්නේ මොනද පැත්තටද කියලා. අන්න ඒ පැත්තට තමයි අපිට මේ කලාපය අතිශයින් වැදගත් වෙන්නේ. පැහැදිලි නේද ? දැන් ඔයාට මේ කලාපය පිළිබදව හොද අවබෝධයක් තියෙන්න ඔනි ලාභ ගන්න සැබැ අවශ්‍ය තාවයක් ඔයාට තියෙනවනමි.  

අවදානමි කලාපයේ වාසි

        මේ අවදානමි කලාපය භාවිතා කිරීමේ හා දැනගෙන සිටිමේ ප්‍රධාන වාසි ගණනාවක් අපිට තියෙනවා. එකෙන් ප්‍රධාන එක තමයි අපේ ගිනුමේ (තැන්පත් කර ඇති ප්‍රමාණයට ) ගණුදෙනු දැමිය හැකි ප්‍රමාණය පිළිබදව අවබෝධයක් ලැබිම. ගිණුම අවනශ්‍ය ප්‍රමාණය වඩා මුදල් වෙළද පොළට නොවැටිම තවත් වාසියක්. එසේම නොදැනුවත්වම ඔයාගේ ගිනුම පාලනයක් ඇති වීමත් අනෙක් වාසයයි. මොකද ඔයා හොදට දන්නවා ගොඩක් අය තම ගිණුම වල තියෙන මුදල් නැති කර ගන්නේ ඇයි කියලා. ප්‍රධානම කාරණය තමයි හරි අවබෝධයක් එක්ක සිමාව නොදැන සිටීම. ඉතින් ඊට පස්සේ වෙන අයට තමන්ගේ මේ වැරැද්ද එයාලා කියන්නේ නැ. කියන්නේ Forex වැරදි කියලා.

අවදානමි කලාපය මගින් ගිණුම පාලනය කර හැටි 

          හොදයි මෙකත් ඔයාට ඉතා අවශ්‍ය කාරණයක් මෙන්ම නිසි පරිදි නිතරම ලාභ ගන්න අතිශයින් වැදගත් දෙයක්. අපි සරල උදාහරණයකින් බලමු අපේ යොදවන මුදලට සාපෙක්ෂව ගිණුම කොහෝමද නිසි පරිදි පාලනය කර ගන්නේ කියලා. මොකද නිසි පරිදි පාලනය කරන ගිණුම සියල්ලම නිතරම ගන්නේ ලාභ මිසක් ආලභ නෙමෙයි. 

උදා - : යමි කිසි පුද්ගලයෙක් තම ගිනුමට $ 100 ක් යොදා ගනුදෙනු විවෘත කරන්නේ 0.01 lot size එකෙන් කියලා හිතමු කෝ. 
පහත දැක්වෙන ආකාරයට මොහු විසින් 1.3053 දි 0.01 න් EUR/USD මුදල් කාණ්ඩයෙන් Buy Order එකක් විවෘත කළා යැයි සිතමු

එවිට පහත විස්තර එම ගණුදෙනුවට අදාලව සිදුවේ. 
Opening Account Balance - $ 100
Lot Size = 0.01
වෙළද පොළට වැටෙන් මුදල් ප්‍රමාණය = සාමාන්‍ය $ 6.5 ක්. 
ගිණුමේ අවදානමි කලාපය = Pips 1000 
ගිණුම සමිපුර්ණනේම නැතිවි යාම සදහා වෙළද පොළ = 1.2053 දක්වා පහත බැසිය යුතුයි. (හේතුව විවෘත කරලා තියෙන්නේ Buy Order එකක් නිසා. මේක Sell Order එකක් වුනානමි ගිණුම සමිපුර්ණයෙන්ම නැතිවි යාම සදහා වෙළද පොළ 1.4053 දක්වා ඉහළ යා යුතුයි. )
      දැන් මේ විස්තර අනුව ඔයාට පේනවනේ මේ විවෘත කරන ලද ගණුදෙනුව පමණක් තිබුනොත් ගිණුමට කිසිම අවදානමක් පහසුවෙන් වෙන්නේ නැ කියලා. මොකද වෙළද පොළ ගමන් කරන්නේ මම අර කලින් ලිපියක කිවිව Mountain System එකට නිසා එක පාර වෙළ පොළ විශාල වශයෙන් පහළ වැටෙන්නේ නැ. වැටෙනවනමි ටික ටික තමයි පහළ වැටෙන්නේ. දැන් මේ එක ගණුදෙනුව තියෙද්දි පාලනයක් නොදැනුවත්වම වෙනවා. නමුත් තව ගණුදෙනුවක් දැමිිමොත් මොකද වෙන්නේ. අන්න ඒ අවස්ථාවේදි තමන්ගේ ගිණුම අවදානමකට ලක්වෙනවා. අපි හිතමු මේ පුද්ගලයා මේ විවෘත කරපු ගණුදෙනුව මෙහෙමම තිබෙද්දි තවත් ගණුදෙනුවක් විවෘත කළා කියලා. ඒ කියන්නේ වෙළද පොළ තව ටිකක් පහළට ආවට පස්සේ තවත් Buy Order එකක් Open කළා නමි , 
දැන් මේ ගණුදෙනුවටත් 0.01 විවෘත වෙනවා වගේම තමයි අර උඩදි අපි ගත්ත ගණුදෙනුවේ විස්තරත් තාම තියෙනවා. මොකද මේ පුද්ගලයා මේ දෙවනි Order එක දාලා තියෙන්්නෙත් පළමු ගණුදෙනුව ඉවර කරලා නෙමේ. ඉතින් දැන් මේ ගිණුමේ ගනුදෙනු ක්‍රියාත්මක වෙන්නේ කොහෝමද ? 

දෙවනි ගනුදනුවට අදාලවත් පහත පරිදි තමයි විස්තර වැටෙන්නේ. 

Lot Size = 0.01
වෙළද පොළට වැටෙන් මුදල් ප්‍රමාණය = සාමාන්‍ය $ 6.5 ක්.  
දැන් ගිණුම සමිපුර්ණයෙන්ම ඉවර වෙලා යන ප්‍රමාණය අඩුවෙනවා. = 500 pips 

          දෙවනි ගණුදෙනුව සමග දැන් අපිට කලින් තිබුනු 1000 ක අවදානමි කලාපය 500 ක් දක්වා අඩුවෙලා. ඇයි ඒහේ වෙන්නෙ. බලන්න කලින් ගණුදෙනුවෙත් අපි 0.01 Trade එකක් Open කරලා තියෙනවා. දෙවෙනි ගණුදෙනුවෙත් එහේමමයි. ඒ කියන්නේ දැන 0.02 Lot Size වලට සාමාන වෙන්න ගණුදෙනු මෙකේ තියෙනවා. එතකොට අපිට අවදානමි කලාපය ගණනය කරන්න පුලුවන් පහත පරිදි. 

200: 1 Leverage අවසථාවෙදි සැම 0.01 Lot Size එකක ගණුදෙනුවකදි සෑම Pips එකකටම ලාභය හෝ අලාභය = $ 0.1  නමි, 
එවිට සමිපුර්ණ $ 100 Account එකක් තුල = Pips 1000 යි. 
( මේ එක් ගණුදෙනුවක් පමණක් තිබෙන විට)

නමුත් අර පුද්ගලයා දෙවන ගණුදෙනුව විවෘත කළ විට

දැන් $ 100 ගිණුමේ 0.01 Lot Size ගණුදෙනු දෙකක් තියෙන නිසා සමිපුර්ණ Lot Size එකතුව = 0.02 
එක pips 1 කකට එක් ගණුදෙනුවකදි ලාභය හො අලාභය $ 0.1 = Pips 1000 යි.
නමුත් මෙහි ගණුදෙනු දෙකක් තිබෙන නිසා එම දෙකේම එකින් එකට එක Pips එකක් සදහා ලැබෙන ලාභය හෝ අලාභය = $ 0.2 
දැන් ගණුදෙනු දෙකක් ඇති විට අවාදානමි කලාපය = $ 100 බෙදීම $.0.2  = Pips 500 යි. 


     පැහැදිලියි නේද ? මේක හරි සරල දෙයක්. මම මෙතනදි උත්සහ කලේ අඩු අවදානමි කලාපයක් සහිත ගිණුමි වලිදි තන්හාවට ගිහිල්ලා වැඩි ගනුදෙනු එක පාර දාන්න හොද නැ කියන එක. මොකද මුලින් අපිට 1000 ක් තිබිබ අවදානමි කලාපය දෙවනි ගණුදෙනුවත් එක්ක 500 ක් වුනා. අපි තවත් එකක් දැමිමොත් මේ කලාපය තවත් අඩුවෙනවා. අවදානමි කලාපය අඩුවෙනවා කියන්නේ අපේ ගිණුම නැතිවෙන්න තිබෙන ඉඩ කඩ වැඩි කියන එක. ඒකයි මම කියන්නේ වැඩි මුදලක් ගිණුමට දාන්නේ නැති අය ලක්ෂ ගනන්නමි හොයන්න සුදානමි වෙන්න එපා. ඉතින් මේ සිදුවිමත් එක්ක ඔයාට දැන් මේ අවදානමි කලාපය සමිබන්ධ හොද අවබෝධයක් ලැබිලා ඇති

අඩු මුදල් ගිණුමි සහිත සාමාජිකියින් පිළිපැදිය යුතු කොන්දේසි
  1. එක් ගණුදෙනුවක් එක්වරකට පමණක් යෙදවිම
  2. ගනුදෙනුවෙක් ඉවර වු පසු තවත් එකක් යෙදීම
  3. නිසි පරිදි අධ්‍යනය කර ගණුදෙනු යෙදීම
  4. ඉවසිලි වන්ත වීම
  5. අධික තන්හාවෙන් තොර විම
  6. 0.01 Volume එක පමණක් එක් ගණුදෙනුවක් සදහා උපරිමය ලෙස භාවිතා කිරීම                                  තාමත් ඔයාට හරියට රෙන් නැත්නමි මට ෝල් කරන්න/ මෙිල් කරන්න                                     janaka049@gmail.com,0775790103 

1 comment: