Basic Trading - 3 (Lots , Leverage , Margin)
දැන්
ඔයාට ගණුදෙනු යෙදවීම හා එය Close කර ගැනීම එම ගණුදනුවලට Stop Loss , Take
Profit සකසන්න පුලුවන්නේ. එවා කරන්න බැරිනමි පසු ගිය ලිපි ආයේ කියවන එක
හොදයි. මොකද මම කලිනුත් කියලා ඇති මේක තමයි අපේ ප්‍රධාන දේ. ඒ කියන්නේ
ගණුදෙනු යෙදවිම. ඔයාට ගණුදෙනු යෙදවීම ගැන , යොදවන්නේ කුමන අවස්ථාවලදිද ,
වෙළද පොළ ඉහළ පහළ යැම හදුනා ගන්නා ක්‍රම ආදිය පිළිබදව දැනුමක් තියෙනවනමි
සාර්ථක ලෙස ලාභ ගන්න පුලුවන්. තව ලිපි ගොඩක් ඉදිරියට තියෙන නිසා හිමිහිට
කියවගෙන ඉදිරියට යන්න. මම මේ පහත දාලා තියෙන ඒවා ඔයාගේ Trading වලට
අත්‍යාවශ්‍ය වන දෙවල් ටිකක්. එවා දන්නේ නැතිනමි Forex ඇත්තටම කරලා වැඩක්
නැ. ඒක නිසා කියවගෙන යන්න.
Lots ?
ඔන්න අපි තවත් Forex වල තියෙන දෙයක් ඉගෙන ගන්නයි යන්නේ. Lots කියන
වචනේ ඔයාට Forex Trading වලදි ගොඩක් හමිබවන වෙන වචනයක්. ඔයා Trading එකක්
Open කරන්න යනවනමි අනිවාර්යෙන් මේක දැනගෙන ඉන්න ඔනි. හරි දැන් ඔයාටමතක ඇති
අපි Trading එකක් විවෘත කරන කොට අපිට හමිබවුනා Volume = 0.1 , 0.2 , 0.3
ආදි වශයෙන් තියන ඒවා වගයක්. අමතක නමි ඔය MT4 Software එක විවෘත කරලා අර
Trading Window එක open කර ගන්න. එකේ Volume කියන එකේ තමයි මෙවා තියෙන්නේ.
ඔන්න මතක තියා ගන්න මොවාට තමයි Lots කියලා කියන්නේ. දැන් ඔයා බලනවා ඇති ඇයි
මේවා වැදගත් වෙන්නේ කියලා. දැන් ඔයා යමි කිසි මුදල් ප්‍රමාණයක් ගිණුමට
තැනපත් කළාට පස්සේ මෙම Lots ගැන අවබෝධයක් නැති අය තමයි ඔය ඉක්මනටම ගිණුම
Loss කර ගන්නේ. මොකද Lots කියන එකෙන් තමයි අපි යොදවන මුදලට අපිට යෙදවිය
හැකි ගනුදෙනු ප්‍රමාණය බලා ගත හැක්කේ. ඔය අපි කොටස් වෙළද පොළට මුලික
තැන්පතුව රැ ලක්ෂ 10 ක් දැමිමනමි අපි ඒ ඔක්කෝම එකපාර දාලා කොටස් ගන්නේ
නැනේ. අපි කොටස් ගන්නේ මේ ලක්ෂ 10 න් පොඩි ගාණක නේද ? ලක්ෂයක වගේ. අන්න ඒ
වගේ කරන්න තමයි Forex Market එකේ අපි lots කියන ඒකකය භාවිතා කරන්නේ. දැන්
අපි මුදල් වර්ගයක් (Currency Pair ) එකක් ගනිමු. GBP/USD. දැන් මෙකේ
ප්‍රධාන මුදල් වර්ගය (Base Currency ) එක GBP නේ. ඒ වගේම අනිත් Currency
එක (Quote Currency) USD. හරි දැන් ඔය කිලෝ එකකට ග්‍රෑරැමි කියනවා වගේ
තමයි Lots එකකට 100,000 ක් තියෙනවා. මෙතනදි මතක තියා ගන්න Lot 1 කියන්නේ
අර 0.1 ක් නෙමේ. 0.1 කියන්නේ Lot 1 නුත් 10 න් පංගුවක්. අපි Real Account
වලට යනකොට මේ ප්‍රමාණය 0.01 දක්වා අඩුවෙනවා. එතකොට Lot 1 කියන්නේ
Lot 1 = 100,000 යි. ( 100,000 කියන්නේ සමිමත් යුනිටි.
දැන් ඔයාලා මේක ගැන දහඅතේ කල්පනා කරන්න එවා මොකක්ද මේ යුනිට් වර්ග කියලා.
මෙක මේ විදියට මතක තියා ගත්තම හොදටම ඇති.)
දැන් මේකට සාමාන්‍යෙයන් අපි භාවිතා කරන වචනය තමයි Standard Lot කියන
එක. හැබැයි තියෙන්නේ මේක විතරක් නෙමේ. තව Mini Lot , Micro Lot , Nano Lot
කියලත් තියෙනවා. දැන් ඔයා ඔය බර බලන කොට කීයක් නමි මේ වගේ හමිබ වෙනවද ?
ග්‍රෑරැමි , කිලෝ , රාත්තල් , ටොන් ආදි වශයෙන්. පැහැදිලි නේද ? දැන් ඔයාලා
බලනවා ඇති මොකක්ද මේකෙන් වෙන්නේ කියලා. ඊට කලින් පහත ටිකත් බලන්නකෝ.
Lot = 100,000
Mini Lot = 10,000
Micro Lot = 1,000
Nano Lot = 100
දැන් පැහැදිලි නේ. දැන්
මේ මම උඩින් දාලා තියෙන ප්‍රමාණයන් අපි අපේ Trading වලට යොදාගෙන බලමු
මොකක්ද වැදගත් කම කියලා. දැන් ඔයා හිතන්න මේ වෙලාවේ GBP/USD මිල 1.5800
කියලා. දැන් ඔයාට මෙතනදි Buy Order එකක් හරි Sell Order හරි දාන්න ඔනි.
එහේම දාන්න ඔනිනමි ඔයා අනිවාර්යෙන්ම Lot කීයක් හරි ගන්න වෙනවනේ. නැත්නමි
Trading Open වෙන්නේ නැති නිසා. හරි දැන් මේ 1.5800 දිGBP Lot 1 ක් ගන්න
ඔයාට USD කීයක් ඔනි වෙනවද (අපි ජ්‍යාත්‍යන්තර ගණුදෙනුවලදි භාවිතා කරන්නේ
USD . හරියට ලංකාව ඇතුලත ඔයා රැපියල් වලින් යමි භාණ්ඩයක් ගන්නවා වගේ.)
එතකොට ඔයාට අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය වෙන්නේ,
GBP Lot 1 = 100,000
100,000 x 1.5800 = USD 158,000 ක් අවශ්‍ය වෙනවා. ආපොයි
Trading කරනවා තියා හිතන්නවත් බැරි ගාණක් නේද ? මොකද රැපියල් වලින්
බැලුවොත් ලොකු ගාණක් යනවා 1 ක් ගන්න. ඔන්න ඔයාට Leverage කියන එක මෙතනදි
අදාල වෙනවා. මේ Leverage නැතිනමි අපට Forex Market එකේ ගණුදෙනු කරනවා කියලා
හිතන්නවත් බෑ. හරි දැන් එතකොට අපි ඉහළින් දැක්ක 0.1 කියන්නේ මේ lot 1
දහයෙන් පංගුවක්. ඔක Real Account එකකට ගියාම 0.01 වෙනවනේ. ඒ කියන්නේ Lot 1
න් 100 න් පංගුවක්. දැන් අපි Leverage කියන එකට යමුකෝ.
Leverage කියන්නේ මොනවද ?
දැන් අපි ඉහළින් දැක්ක අපිට Forex Market එකේ Lot 1
ගන්න අතී විශාල මුදලක් වැය වන බව. ඒත් ඔයාලා දන්නවා අපිට පුලුවන් අවම $ 100
ක් වගේ පොඩි ගාණක් දාලත් Trading කරන්න පුලුවන් බව. එහේනමි ඒ කොහෝමද ?
මෙන්න මෙ කියන Leverage එක නිසා තමයි අපිටත් මෙකේ ගණුදෙනු කරන්න පුලුවන්
වෙලා තියෙන්නේ. ඔය Leverage කියන එවා 400:1 , 200:1 , 100:1 , 50:1 ආදි
වශයෙන් අපිට Forex Broker ආයතනයන් සපයනවා. සාමාන්‍යෙයන් හොදම Leverage එක
තමයි මේතන තියෙන 200:1 කියන එක. දැන් ඔයාට ප්‍රශ්ණයන් නේ මොකක්ද මේ කියලා.
මේකෙන් කරන්නේ අර විශාලව ගෙවිය යුතු අගය තවත් කුඩා කර පෙන්වීම. පහත උදාහරණය
බලන්නකෝ..
අපි හිතමු ඔයාගේ Leverage 200:1 කියලා. දැන් වෙළද
පොලේ GBP/USD තියෙන මිල 1.5800 නමි ඔයාට GBP Lot 1 එකක් ගන්න අවශ්‍ය වන USD
කීයද ?
GBP Lot 1 = 100,000
100,000 x 1.5800
USD 158,000 /-
නමුත් මෙ එන USD මුදල් ප්‍රමාණය Leverage කළ විට
158,000 බෙදීම 200 = USD 790 යි.
දැන්
ඔයාට 200:1 Leverage යටතේ GBP Lot 1 ගන්න සත්‍ය වශයෙන්ම වැය වන USD
ප්‍රමාණය 790 යි. ඒ කියන්නේ රැපියල් වලින් කීයද කියලා බලන්න. නමුත් අපි
කවදාවත් Lot 1 ක් එකපාර ගන්නේ නැ. ඒ විදියට ගන්නේ ලොකු සල්ලි කාරයෝ. අපි
ගන්නේ Lot 0.1 ඉදලා පහළට. ඒ කියන්නේ Lot Size 0.01 ක දක්වා. ඉතින් Demo
Account වලදි අපිට අවම 0.1 Lot Size එක ගන්න සත්‍ය වශයෙන් ඩොලර් 79 ක් වැය
වෙනවා(790 බෙදීම 10. මොකද 0.1 කියන්නේ Lot 1 න් 10 න් පංගුවක්.). real
Account එකකදි අවමය 0.01 Lot Size එකෙන් එක Trade එකක් දාන්න අපිට ඩොලර්
7.9 වැය වෙනවා. (790 බෙදීම 100) දැන් පෙනවා නේද අපි වගේ අයට ගනුදෙනු කරන්න
ගාණට ප්‍රමාණය අඩුවෙන හැටි. දැන් මෙක Lot Size වලට වැය වෙන ඩොලර් ප්‍රමාණය
අපිට Margin කියන එකට අදාලයි. ඔය margin කියන එක තමයි අපිට අනෙක් වැදගත්ම
දේ. මම මේ පහතින් දාලා තියෙන්නේ Trading එකක් Open කළාට පස්සේ එකේ විස්තර
වැටෙන තැන. ඔයාලට පේනවා නේද එතන margin කියලා එකක් තියෙනවා.

හරි අපි හිතමු ඔයා දැන් මුලින්ම ඔයාගේ ගිණුමට $ 100 ක් දැමිමා කියලා. මම කලිනුත් කියලා ඇති ඔය පරික්ෂා කරලා බලන්න එහේම $ 50 ක් වගේ ගාණක් දාන්න හිතාගෙන ඉන්න අය ඉන්නවනමි මෙක මෙතනින්ම නවත්තලා දාන්න කියලා. මමනමි අනුමත කරන අවම මුදල 100 ක්. හරි ඔයා $ 100 ක් දැමිමනමි දැන් ඔයාට 0.01 (මෙ ප්‍රමාණය Demo වල නෑ) Lot Size එකෙන් එක Trading එකක් Open කරන්න සත්‍ය වශයෙන්ම USD කීයක් යනවද ? හදල බලන්න. හරියට අර කොටස් වෙළද පොලට ලක්ෂ 10 ක් මුලිකව දාලා එකෙන් ලක්ෂ 1 ක් භාවිතා කරලා කොටස් ගන්නවා වගේ වැඩක්. හරි අපි හදලා බලමුකෝ.
මුලික ආයෝජනය = $ 100 (ඒ කියන්නේ උඩ පින්තුරෙ balance එක)
Lot Size එක එක Trading එකක් සදහා = 0.01 (මෙ කියන්නේ Trading Window එකේ volume එකේ අවම ප්‍රමාණය)
GBP/USD වෙළද පොල මිල = 1.5800
දැන් ගාණ හදමු
Lot 1 = 100,000
100,000 x 1.5800 = USD 158,000
158,000 බෙදීම 200 (200:1 නිසා) = USD 790
අපේ Lot Size එක 0.01 නිසා = USD790 බෙදීම 100 = USD 7.9 යි.
දැන් අපිට 0.01 Lot Size එකෙන් එක Trading එකක් දාන්න USD 7.9 ක් වැය වෙනවා. මෙක ආපහු අපිටම ලැබෙනවා අපි විවෘත කරපු ගණුදෙනුව Close කරාට පස්සේ. ඒ කියන්නේ අපි $ 100 ක් දාලා එකෙන් $ 7.9 ක් භාවිතා කරලා Trading එකක් open කළාට පස්සේ මෙක ලාභ පිට හෝ ආලභ පිට Close කරාට පස්සේ අපිට මේ ආයෝජනය නැවත අපේ ගිණුමට ලැබෙනවා. දැන් අපේ මෙ ගනුදෙනුව යෙදෙවිවා කියලා හිතමු. එතකොට උඩ පින්තුරෙ තියෙන ඒවා වෙනස් වෙන්නේ පහත විදියට
Balance = $ 100
Equity = (Trading එක Close කරනකමි ඔබ ලබලා තියෙන ලාභය හෝ අලාභය Balance එකේන අඩු කරලා හරි එකතු කරලා හරි පෙන්වන එක. )
Margin = $ 7.9
Free Margin = 100 - 7.9 - (දැනට තියෙන ලාභය හෝ අලාභය)
ඉතින් මෙන්න මේක තමයි වැදගත්ම දේ. මේ සියල්ල නැවත හොදින් කියවලා අවබෝධ කර ගන්න අවශ්‍යයි. මොකද අපි කොචිචර Trading දැමිමත් මේ Free Margin එක අපි මුලිකව යොදවපු මුදලෙන් (ඒ කියන්නේ ඩොලර් 100) 50% කට වඩා අඩුවෙන්න හොද නැ. ඒක නිසා $ 100 ක් ගිණුමට දාන අය එක Trading එකක් ඉවර වුනාට පස්සේ තමයි තව එකක් දාන්න ඔනි. ඒ කියන්නේ එකක් ඇර එකක්. ඔය Real Account වලට ගියාට පස්සේ මේ උපදේශය අනිවාර්යෙන්ම තදින්ම පිළිපදින්න ඔනි. නැත්නමි Loss Sure. එහෙම ලොස් වෙන්න අකමැති අය ඉන්නවනමි වැඩි මුදලක් Deposit කරන්න ඔනි. දැන් ඔයාලා නැවත පාරක් මේ ලිපිය හොදින් කියවලා තනියම අවබෝධ කර ගන්න උත්සහ කරන්න ප්‍රශ්ණ තියෙනවනමි කෙමෙන්ටි කරන්න. මම පිළිතුරැ දෙන්නමි. එ වගේම මේ ලිපිය බොහෝම වැදගත් එකක්. මෙක හරියට අවබෝධ කර ගෙන Trading වලට ගලපා ගන්න
No comments:
Post a Comment